අහුංගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා .
28 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
Saru FM Media