“අස්වැසුම” දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලැබූ ඇතැම් පිරිස් එම ප්‍රතිලාභ බැර කිරීමට තවමත් බැංකු ගිණුම් විවෘත කර නොමැති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කොමසාරිස් / සභාපති නිමල් කොටවලගෙදර මහතා පවසයි.
මෙම අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ ප්‍රතිලාභ ලැබීමට තේරී පත්වූ ප්‍රතිලාභීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇතැයි ද ඒ මහතා කියා සිටී.
මෙලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකළ ප්‍රතිලාභීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය තමාට පහසු බැංකු ශාඛාවක් වෙත ඉදිරිපත් කර අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමක් විවෘත කරගත යුතු බවද ඒ මහතා කියයි.
මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකළ අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස මෙම බැංකු ගිණුම් විවෘත කර ගිණුම් විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතු බවද ඒ මහතා කියා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Saru FM Media









