Saturday, May 17, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අසත්‍ය ප්‍රචාර බැහැර කර ජනාධිපති කාර්යාලය වාහන අලෙවි කළ අයුරු පහදයි

අසත්‍ය ප්‍රචාර බැහැර කර ජනාධිපති කාර්යාලය වාහන අලෙවි කළ අයුරු පහදයි

0
3


explains-how-the-presidential-office-sold-vehicles-dismissing-false-propaganda

ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ දෙවන අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය හරහා සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කර සිටියි.

මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අන්දමට, වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටතේ මෙහිදී සියලු කටයුතු සිදු කර ඇත. එමෙන්ම මෙම වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය නිසි ලෙස අනුගමනය කර ඇති අතර, 2025 අප්‍රේල් 23 වන දින නියමිත පටිපාටියට අනුකූලව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබූ බවද එහි දැක්වේ.

ඒ අනුව, ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා මුදල් ගෙවා අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025 මැයි 15 දිනට තම මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත්, එදින පෙරවරු 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටියට අනුකූලව බවත් නිවේදනයේ දැක්වේ.


එම ටෙන්ඩර් ක්‍රියාවලියේදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයුතු කළ බවත්, ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණක් අලෙවි කරන ලද බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනයේ සඳහන් කර ඇත. එලෙස රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ වාහන අතරට වාහන 9ක් ඇතුළත් බවද පැහැදිලි කර ඇත.

2025 මැයි 15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තර නිවේදනයේ දක්වා තිබූ අතර, රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවීම නිසා අලෙවි නොවූ වාහන 9 පිළිබඳ තොරතුරුද සවිස්තරාත්මකව දක්වා ඇත.

එසේ තිබියදී මෙම ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම පිළිබඳව විවිධ අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීමට යම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව පෙනී යන බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


නිවේදනයේ තවදුරටත් දැක්වෙන පරිදි, පසුගිය පාලනයන් තුළ මහජන මුදලින් මිලට ගන්නා ලද මෙම සුඛෝපභෝගී වාහන මහජන මුදලින් නඩත්තු කරමින් ඒවා පාවිච්චි කරමින් සහ නාස්ති කරමින් අබලන් තත්ත්වයට පත් කළ දූෂිත කණ්ඩායම් තමන්ගේ වරප්‍රසාද අහිමි වීමත් සමග වියරු වැටී සිටින බව මෙම කලබලයෙන් පැහැදිලි වන බවත්, ඔවුන් තමන්ගේ නාළිකා සහ සමාජ මාධ්‍ය කුලී ලියන්නන් යොදා ගනිමින් තමන් අතට පත්වන ඕනෑම දෙයකින් ආණ්ඩුවට පහර දෙන තත්ත්වයට ඇද වැටී සිටින බවත් එහි දැක්වේ.

මෙම තත්ත්වය හමුවේ මෙම අසත්‍ය පුවත් වාර්තාකරණය හා සාවද්‍ය සමාජ මාධ්‍ය භාවිතය අතිශය පිළිකුල් සහගත වන බවත්, මෙම ද්වේශ සහගත ප්‍රචාරයන් කරමින් මහජනතාව නොමග යැවීමට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය තම නිවේදනය අවසානයේ අවධාරණය කර ඇත.

වාහන ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ මෙම නිවේදනය මගින් විනිවිදභාවයකින් යුතුව සියලු තොරතුරු මහජනතාවට ලබා දී ඇති අතර, ටෙන්ඩර් ක්‍රියාවලියේ සියලු අදියරයන් නීත්‍යානුකූලව සහ නිසි ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කර ඇති බව පැහැදිලි කර ඇත. සමාජ මාධ්‍ය හරහා පැතිරෙන අසත්‍ය තොරතුරු පිළිබඳව මහජනතාව විමසිලිමත් විය යුතු බවද මෙමගින් අවධාරණය කෙරේ.


S.No Vehicle No Model Government Valuation (Rs.) Sold Out value (Rs.)
1 CAB-3453 FORD EVEREST- Motor Car 2,500,000.00 5,390,000.00
2 KY-9967 FORD EVEREST- Motor Car 4,000,000.00 8,800,000.00
3 KA-1016 HYUNDAI TERRACAN- Motor Car 3,500,000.00 3,788,999.00
4 CAP-0828 LAND ROVER DISCOVERY 4.5- Motor Car 25,000,000.00 27,100,000.00
5 CP-4599 MITSUBISHI R MONTERO Motor Car 5,000,000.00 8,622,500.00
6 KV-5541 NISSAN TEANA- Motor Car 5,500,000.00 8,195,950.00
7 KD-6376 NISSAN X-TRAIL- Motor Car 4,000,000.00 6,127,000.00
8 CAT-7249 NISSAN PATROL – Motor Car 11,500,000.00 14,599,900.00
9 GD-7209 NISSAN PATROL – Motor Car 11,500,000.00 12,200,000.00
10 KW-6215 PORSCHE CAYENNE S- Motor Car 15,500,000.00 13,610,000.00
11 CAG-4493 SSANG YONG REXTON W- Motor Car 8,300,000.00 9,475,000.00
12 CAG-4902 SSANG YONG REXTON W- Motor Car 8,500,000.00 9,676,000.00
13 KU-0642 SSANG YONG REXTON270XDI- Motor car 4,000,000.00 5,010,000.00
14 KC-7323 TOYOTA LANDCRUISER SAHARA- Motor Car 15,000,000.00 12,599,900.00
15 KU-7912 TOYOTA LANDCRUISER V8 Motor Car 28,000,000.00 25,150,650.00
16 KU-0520 MITSUBISHI FUSO 2,200,000.00 4,167,350.00
17 KW-5401 LAND ROVER DISCOVERY – Motor Car 13,000,000.00 18,675,000.00
Total 155,000,000.00 200,188,249.00

අලෙවි නොවූ වාහන 9 පිළිබඳ තොරතුරු

වාහන අංකය වාහන විස්තරය විකුණන්න උත්සාහ කරන ලද මිළ රු.
KQ-9351 BMW 523i-Motor Car 13,888,888.88
GD-7215 NISSAN PATROL – Motor Car 11,375,700.00
KI-0645 SSANG YONG REXTON 270XDI- Motor Car 6,160,000.00
CAG-4007 SSANG YONG REXTON 270XDI- Motor Car 6,888,999.00
CAF-2536 TOYOTA LANDCRUISER V8 – Motor Car 53,500,000.00
KQ-7546 TOYOTA LANDCRUISER V8 – Motor Car 36,100,000.00
KP-2222 TOYOTA LANDCRUISER V8 – Motor Car 23,266,321.00
KQ-6211 TOYOTA LANDCRUISER V8 – Motor Car 38,888,888.88
KP-7149 TOYOTA LANDCRUISER V8 – Motor Car 34,150,700.00



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here