අවුරුදු 35 න් පස්සෙත් ලස්සනට ඉන්න ටිප්ස් කිහිපයක්

0
13


වයසට වඩා අඩු වයස් පෙනුමක් ලැබෙනවට කාන්තාවන් හරිම කැමතියි. ඒත් නිකන්ම එහෙම තත්වයක් ලැබෙන්නේ නැහැඒ සඳහා ඔබ ඔබගේ රූ සපුව ආදරයෙන් රැක බලා ගන්නට ඕනාඉතින් හැමදාම කෙල්ලක් වගේ ඉන්නමෙන්න මේ දේවල් කරලා බලන්න.

වියළි කොණ්ඩයක් කියන්නෙම ඔබේ තරුණ බවදඟකාර බවඔබ වෙතින් පළා යවන සාධකයක්අකීකරුනිරෝගී කෙස් කළඹක් කියන්නේ තරුණ බව හඬගා කියන්නක්රාත්‍රියේ උළුහාල් මිටක් පොඟන්නට දමා උදෑසන බ්ලෙන්ඩර් කර හිස කෙස්වල ආලේප කරන්න .විනාඩි කිහිපයකින් සෝදා හරින්න .හිසකෙස් වල වියළි බව මෙන්ම හැලෙන එකත් නවතිනවා .

නෑමට පෙර ඔලිව් තෙල් මදක් රත්කර හොඳින් හිස සම්බාහනය කර සෝදා දැමිමෙනුත් ඉහල ප්‍රතිපල අත්වෙනවා.

බොහෝ තරුණියන් අවුරුදු තිහක් වෙද්දීම කොණ්ඩය ඉදෙන්නට පටන් අරන් .ඉතින් කෘතීම වර්ණ ගැන්වීම් වලින් හිසකෙස් වියලීම වැඩි නිසා ස්වභාවිකව අකලට කෙස් පැසීම නවතා ගන්නට හැකිනම් හොඳයි .දෙහි යුෂ ඉස්ම පොල්කිරි සමහ මිශ්‍ර කර අවුවේ කකාරා ගැල්වීම මේ සඳහා හොඳ ප්‍රතිකාරයක් .

දිනකට ජලය හැකිතරම් පානය කිරීම තමා මේ සඳහා හොඳම විසඳුමඅවම වශයෙන් දිනකට ලීටර් හයක්වත්.

කොළ මැල්ලුම්සලාදවිටමින් ඩි සහිත ආහාර වැඩිපුර ගැනීම මෙයට හොඳම ප්‍රතිකර්මයයිමැල්ලුම් ගැනීමේදී එහි පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවන ලෙස යන්තමට මලවා ගැනීම ගැන සැළකිලිමත් විය යුතුයි.

මී පැණි තේ හැන්දකට විනාකිරි තේ හැඳි බාගයක් එක්කර පානය කිරීමෙන් ශරීරයේ විස සහිත බව ඉවත් වනවා. උපරිම ප්‍රතිපල ලබා ගන්නට හිස් බඩට දිනපතා පානය කළයුතු වනවා .

පිරිසුදු දීප්තිමත් සමක් කියන්නේ තරුණ බවේ තවත් එක කැපී පෙනෙන අංගයක් .ඉතින් ඔබේ සමේ ස්වභාවය හඳුනාගෙන එයට සුදුසු ප්‍රතිකාර ක්‍රම මඟින් සම නැවුම්ව ,පිරිසුදුව තබා ගැනීමේ වගකීම ඔබසතුයි .තෙල් සහිත නොවන සමක් ඇති අයට අලිගැට පේර සමග මී පැණි මිශ්‍ර කර ආලේප කිරීමෙන් ඉතාමත්ම හොඳ ප්‍රතිපල ලබා ගන්නට පුළුවන් .

 – ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here