අවුරුදු 27ක් තිස්සේ පොලිසියට කරන්න බැරි වුණු දේ ගමේ මිනිස්සු කරලා පෙන්වයි! අන්තිමට ආපු පොලිසියට ගම්මු කියපු දේවල්! VIDEO I Sri Lanka Latest News

0
2


වසර 27ක සිට හෙම්මාතගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුව හෙම්මාතගම, වාඩියතැන්න ප්‍රදේශවාසීන් විසින් උපාය දූතයෙකු යොදවා සූක්ෂම ලෙස කොටුකරගෙන ඔහුව කෑගල්ල පොලිසියට භාර දුන්නා. Sri Lanka Latest News

එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක්ද හටගෙන තිබුණේ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ජනතාව චෝදනා කිරීම හේතුවෙන්.

හෙම්මාතගම වාඩියතැන්න ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු විසින් සූක්ෂ්ම ලෙස සිදුකරගෙන ගිය මත්කුඩු ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හෙම්මාතගම පොලිසිය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළද, ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ.

අදාළ සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයාව අල්ලා ගැනීමට ගම්වාසීන් කටයුතු කළේ ඒ අනුවයි.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේදී හෙම්මාතගම පොලිසිය එම ස්ථානට පැමිණියත් ප්‍රදේශවාසීන් සැකකරුව පොලිසියට භාරදීම ප්‍රතික්ෂේප කළා.

පසුව එම ස්ථානයට හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද පැමිණි අතර, ඒ සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් කෑගල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා රැගෙන ගියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here