කඳාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධ වූ සෙබස්තියෙන් මුනිදුන්ගේ පෙරහර ප්‍රතිමාව ඊයේ ( 01) අලුයම කාලයේ කිසිවකු හෝ කිසියම් පිරිසක් සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි. Sri Lanka Latest News
දහස් ගණනක බැතිමතුන්ගේ මහත් භක්තියාදර ගෞවරවයට පාත්‍රව තිබු මෙම ප්‍රතිමාව කදාන සාන්ත සෙබස්තියන් පල්ලියේ එක් කොටසක පිහිටි තාරපල්ලිය කොටසේ තැන්පත් කර තිබුණි.
කදාන පොලිසිය මේ වන විට පල්ලියේ සහ අවට මාර්ගයේ සවිකොට ඇති CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව වෙස් මුහුණකින් මුහුණු ආවරණය තරගත් පුද්ගලයකු අද අලුයම් කාලයේ පල්ලියේ ආරක්ෂිත බැම්මෙන් පැන දේවස්ථාන භුමියට ඇතුළත් වන අයුරු පොලිසිය නිරීක්ෂණය කර ගෙන ඇත.
Saru FM Media