අවුරුදු සමයේ හදිසි අනතුරු ඉහළ ගොස් තිබෙනවා.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට අවුරුදු දින දෙක තුළ ඇතුළත් කළ 412 දෙනාගෙන් 6 දෙනෙකු රෝහලට ඇතුල් කරන අවස්ථාවේ මියගොස් සිටි බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසනවා.
ඉන් 94 දෙනෙකුම ඇතුළත්කර තිබුණේ මාර්ග අනතුරු හේතුවෙනුයි.
කෙසේ වෙතත් ගිනිකෙළි හේතුවෙන් සිදුවන අනතුරු අවම වී තිබීම විශේෂත්වයක්.
එවැනි අනතුරුවලින් ඇතුලත් කර තිබුණේ දෙදෙනෙකු පමණයි.
Saru FM Media