අවුරුදු සමයේ පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

0
7


සිංහල දෙමල අලුත් අවුරුද්ද සැමරීම සඳහා බොහෝ දෙනා මේ වන විට පෙල ගැසෙමින් සිටිනවා.

වැඩි වශයෙන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ද දක්නට ලැබෙනවා.

අවුරුදු සමයේ ආරක්ෂාව සඳහා පොලිසියේ තිස්පන්දහසක පිරිසක් යොදවා තිබෙනවා.

මේ අතර අලුත් අවුරුදු සමයේ වැඩි මිලට හා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ආදිය අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම් ද දැඩි කර තිබෙනවා.

සිංහල දෙමල අලුත් අවුරුද්ද උත්කර්ෂවතක්ව සැමරීම සඳහා බොහෝ දෙනා මේ දිනවල සූදානම් වෙමින් පවතිනවා.

ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පැමිණෙමින් සිටිනවා.

පිටකොටුව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බොහෝ දෙනෙකු කැලෑ පොල  යනුවෙන් හදුන්වන පොල භූමියේ තත්ත්වයයි මේ.

නිසි කලට පොහොර සහනාධාරය ලැබීමත් සමග පොලොන්නරුවේ ගොවි ජනතාවට මෙවර ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා.

ඇතැම් ගොවිබිම් ජල ගැල්ම හේතුවෙන් විනාශ වුවද ලැබුණු අස්වැන්න හොඳ මිලකට අලෙවි කර ගැනීමට ගොවීන්ට හැකි වුණා.

ඒ හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද ද සාර්ථකව සැමරිය හැකි බව ඔවුන් කියා සිටිනවා.

අලුත් අවුරුද්ද සැමරීමේදී බොහෝ දෙනෙකු රතිඤ්ඤා දැල්වීම සිදු කරනවා.

එහිදී තමන්ගේ දෑස් පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ.

මේ අතර අලුත් අවුරුදු සමයේ ව්‍යාජ කිරුම් මිනුම් උපකරණ භාවිත කරන වෙළෙඳුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

හාලිඇල පොල භූමියේ වෙළෙඳුන්ගේ කිරුම් මිනුම් උපකරණ පරීක්ෂා කිරීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් ක්‍රියා කළා.

එහිදී ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here