අලුත් අවුරුදු සතිය තුළ අනතුරු හේතුවෙන් රෝහල් ගත වීමේ ඉහළ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
එහි බෝ නෙවෙන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සදහන් කළේ මේ වන විට අනතුරු හේතුවෙන් පුද්ගලයින් 29,000ක් පමණ රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවය.
සෑම වසරකම ලක්ෂ 13ක පමණ පිරිසක් අනතුරු හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබන අතර එහිදී වැඩි ප්‍රමාණයක් රෝහල්ගත වන්නේ මෙම අලුත් අවුරුදු කාලසීමාවේ වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වු ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා,
”බස්නාහිර පළාතට සාපේක්ෂව අනෙක් පළාත්වල අනතුරු සිදු වීම බහුල වශයෙන් දකින්න පුලුවන්… වැඩිපුරම රෝහල්ගත වෙන්නේ මහාමාර්ග අනතුරු නිසා.. ඊට පස්සේ වැටීම්, සතුන් සපාකෑම්, හා පහර වැදීම් නිසා සිදුවන අනතුරු නිසත් රෝගල්ගත වෙන ප්‍රමාණය වැඩී.. කොහොම වුණත් ගිනිකෙළි නිසා සිදුවන අනතුරුවල සාපේක්ෂව අඩුවීමක් තියෙනවා.. අපි හැමෝම උනන්දු විය යුතුයි මේ අනතුරු වළක්වා ගන්න”
Saru News















