එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලය වෙනුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය අද (10) සිට ආරම්භ වේ.
ඒ අනුව, 2026 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මෙම නිවාඩුව අද සිට සතියක කාලයක් ක්‍රියාත්මක වන අතර යළි පාසල් ආරම්භ වන්නේ ලබන 20 වනදාය.
ඒ අනුව, දෙවන පාසල් වාරය යළි අප්‍රේල් 20 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.
1
Saru News
















