සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සේවා සහ දුම්රිය සේවා අද (10) සිට ක්‍රියාත්මකයි
අතිරේක බස් රථ 500ක් යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි සඳහන් කළ.
එමෙන්ම, අතිරේක දුම්රිය ගමන්වාර 40ක් ක්‍රියාත්මක අතර කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුර හා ගාල්ල යන ගමනාන්ත දක්වා මේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් යොදවා ඇති බවයි බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.
මේ අතර, පසුගිය අවුරුදු සමයට සාපේක්ෂ ව මෙම වසරේ ගිනිකෙළි අනතුරු අවම වී ඇති අතර, හදිසි අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
Saru FM Media