ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ වසර පහක ධුර කාලයෙන් තවම ගතවී ඇත්තේ වසර එකහමාරක් පමණක් වුවත් මැතිවරණ පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වනවිටත් ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“අවුරුදු එකහමාරයි ගිහිල්ලා තියෙන්නෙ අවුරුදු පහෙන්. ඒ එකහමාර තුළ අපි දීපු පොරොන්දුවලින් විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් ඉෂ්ට කරලා තියෙනවා. විරුද්ධවාදීන් ඉතින් අතන මෙතන කියවනවා, ඒක ඉතින් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපි ඡන්දයක් තිබ්බොත් සටනක් නැති ඡන්දයක් තියන්නෙ. ඒකත් එච්චර හොඳ එකක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවකට ශක්තිමත් විපක්ෂයක් හදාගන්න කියලා අපි විපක්ෂයේ අයට යෝජනා කරනවා”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post අවුරුදු එකහමාරෙන් පොරොන්දු රැසක් ඉටු කළා. දැන් ඡන්දයක් තිබ්බොත් අපි සටනක් නැතිවම දිනනවා – ඇමති ලාල්කාන්ත appeared first on LNW Sinhala.
Saru News
















