ඔබට මතකද?
1985, 1986 වසරවල උතුරු මැද පලාතේ වසංගතයක් ලෙස පැතිර යමින් විශාල පිරිසක් මරණයට පත් වූයේ කුමන රෝගයක් නිසාද යන්න.
ජපන් එන්සෙපලයිටීස් යන නම නුහුරු වුවද මොළේ උණ කියූ සැණින් අපි කවුරුත් හොදින් දන්නා මෙය සතුන් මගින් බෝ වන මොළයේ ඇති වන භයානක ආසාදන තත්ත්වයකි. ඩෙංගු රෝගය බෝ කරන වෛරස පවුලටම අයත් වන දින 5ත් 15ත් අතර බීජෞසන සමයක් ඇති ෆ්ලේවි වෛරසය මගින් ඇති වුව ද මේ තත්ත්වය බෝවන ආකාරය ඩෙංගු රෝගය බෝවන ආකාරයට වඩා වෙනස් වේ. වෛරසය ආසාදිත ඌරන්, ජලාශ‍්‍රිතව වෙසෙන කුරුල්ලන් දෂ්ඨ කර රුධිරය උරා බොන මදුරුවන් නැවත පැමිණ මිනිසුන් දෂ්ඨ කළ විට රෝගය බෝ වීම සිදු වේ. මේ සදහා කියුලෙක්ස් නම් වූ මදුරු විශේෂය හේතුවේ.
මෙම ජපන් එන්සෙපලයිටීස් ෆ්ලේවී වෛරසය ආසාදනය වී රෝගී වූ මෙවැනි සතුන් වෙතින් රෝග ලක්‍ෂණ පිටතට පෙන්නුම් නොකරන අතරම වෛරසය ගුණනය වෙමින් පවතී. මිනිසුන්ට මෙම රෝගය බෝ වන්නේ අහම්බෙනි. මිනිසෙකුගෙන් මිනිසෙකුට මේ රෝගය බෝ වන බවට මෙතෙක් වාර්තා වී නොමැත. එනම් මෙම රෝගය ඇති මිනිසෙකු දෂ්ඨ කළ මදුරුවෙක් වෙනත් මිනිසෙකු දෂ්ඨ කිරීමෙන් රෝගය බෝ නොවේ. අසාදිත සතෙකු දෂ්ඨ කළ මදුරුවෙකු මිනිසෙකු දෂ්ඨ කළ විට පමණක් රෝගය බොවේ.
1935 වර්ෂයේදී රෝග ආසාදනයට ලක්වූ කුඩා දරුවෙකු මාර්ගයෙන් ජපානයේදී හ`දුනාගත් නිසා මෙම රෝගයට ජපන් එන්සෙපලයිටීස් යන නම භාවිත වේ. අද වන විට මේ තත්ත්වය ලංකාව තුළ මෙන්ම ආසියාතික අනෙක් රටවල්වල ද විශාල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව තිබේ.
මොළේ උණ රෝගයට ගොදුරු වන්නේ, කුඹුරු අශ‍්‍රිතව සහ ඒ ආශ‍්‍රිත දිය කඩිතිවල නිතර නිතර ගැවසෙන, ඒ ආශ‍්‍රිතව තම ජීවනෝපාය මාර්ගය සිදුකරගෙන යන පිරිස්ය. බහුලව වාර්තා වී ඇත්තේ ද එවැනි ස්ථානවල නිතර ගැවසෙන පිරිස්ය.
වෛරසය ශරීරගත වී මුල් අවස්ථාවේ රෝග ලක්‍ෂණ
වෛරසය ශරීරගතවී දින කිහිපයක් ගත වූ පසු රෝග ලක්‍ෂණ
මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ තත්ත්වයට කුඩා දරුවන්ට ඇති ඔරොත්තු දීමේ හැකියාව අවමය. රෝගය වැලදුණු කුඩා දරුවන් අතරින් ජීවිත අහිමි වීම් 30% දක්වා ප‍්‍රමාණයක් වාර්තා වී ඇත. ඇතැමුන් සුව වුවද ඒ අතරින් අඩකටම පමණ ස්ථිර ස්නායු දුර්වලතා ඇති විය හැකිය.
උතුරු මැද සහ වයඹ පලාත්වල 1985 සිට 1988 දක්වා කාලසීමාව තුළ වරින් වර මෙම ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ රෝගය වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ නිසාම 1988 දී එම ප‍්‍රදේශයන්හි වයස අවුරුදු 1 – 10 අතර දරුවන්ට ජපන් එන්සෙපලයිටීස් අජීවී එන්නත මාත‍්‍රා 4ක් ලෙස ලබා දීම ආරම්භ විය. එමගින් රෝග තත්ත්වය පාලනය කරගත හැකි වූ අතරම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 2011 වසරේ සිට දිවයින පුරා රජයේ සායන හරහා එන්නත ලබාදීම ඇරඹිණි.
මෙහි එන්නත් වර්ග 2කි. එනම්,
අජීවී එන්නත, නකයාම (1988 සිට 1992 දක්වා ලබා දෙන ලදී) සහ බේජින් (1982 සිට 2008 දක්වා ලබා දෙන ලදී) ලෙස වර්ග දෙකකි.
අජීවී එන්නතතේ අතුරු ආබාධ වාර්තා වීම සහ මිල අධික නිසා 2011 වසරේ සිට චීනයේ නිපදවුණු ආරක්‍ෂාකාරී සහ ක‍්‍රියාකාරී පටක රෝපිත ජීවී එන්නතේ SA 14 – 14 – 2 ප‍්‍රභේදය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරන ලදී.
වර්තමානයේදී පළමු අවුරුද්ද සම්පූර්ණ කරන ලද දරුවන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ පුළුල් ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එක් මාත‍්‍රාවක් ලෙස රජයේ සායනවලදී මෙන්ම පෞද්ගලික රෝහල්වලදී ද ජීවී එන්නත ලබා දේ. අජීවී එන්නත දැනට ලංකාවේ භාවිත නොවේ.
ජපන් එන්සෙපලයිටීස් හෙවත් මොළේ උණ ස`දහා එන්නත් ලබා නොගත් වැඩිහිටියන්ට රෝගය වැළදුණු බව කලාතුරකින් වාර්තා වුවද එන්නත් ලබාදුන් දරුවන්ට රෝගය වැළදුණ බවට වාර්තා නොමැත.
එසේම ජපන් එන්සෙපලයිටීස් රෝගය නොමැති රටවලින් පැමිණෙන සංචාරකයන් ස`දහා මෙම රෝගයෙන් වැළකී සිටීමට ජීවී එන්නත ලබාදීම සිදුකෙරෙන අතරම දීර්ඝ කාලීනව ලංකාවේ රැු`දී සිටින පිරිස් වෙත පළමු මාත‍්‍රාවෙන් වසරකට පසු දෙවන මාත‍්‍රාව ලබාදීම අනිවාර්ය වේ.
ජපන් එන්සෙපලයිටීස් ජීවී එන්නත ලබාදීම සුදුසු නොවන්නේ
සැමවිටම ඔබත් ඔබේ දරුවාත් භයානක රෝග තත්ත්වයන්ගෙන් වැළකෙමින් නිරෝගී දිවි පෙවෙතක් ගතකිරීමට උනන්දු වන්න. ඒ ස`දහා අත්‍යවශ්‍ය ප‍්‍රතිශක්තිකරණ එන්නත් පිළිබ`ද උපදෙස් පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ලබා ගැනීමට කල්පනාකාරී වන්න.
(function(w, d, e, o, a) {
w.__adroll_loaded = true;
w.adroll = w.adroll || [];
w.adroll.f = [ ‘setProperties’, ‘identify’, ‘track’ ];
var roundtripUrl = “https://s.adroll.com/j/” + adroll_adv_id
+ “/roundtrip.js”;
for (a = 0; a
Saru FM Media