අවුරුද්ද වෙනුවෙන් කොළඹට විශේෂ ආරක්‍ෂාවක්

0
10


අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි සඳහා නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

නිල ඇඳුමින් සැරසුණු නිලධාරින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් ද ඒ සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ. 

Neth Sound · SSP MANATHUNGA 01

නගර ආශ්‍රිතව ඇති විය හැකි රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථ වාහන රාජකාරි සඳහා ද පොලිස් නිලධාරින් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth Sound · SSP MANATHUNGA 03

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ බස් රථ සේවා යොදවන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසුවේ.

එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද සැලසුම් කර තිබෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here