අවුරුද්දට ගමට යන අයට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

0
26


එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වනවා. 

ඒ සඳහා විශේෂ බස් රථ සේවා යෙදවීමටයි ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර ඇත්තේ. 

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා පැවසුවේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් බස් රථ 500ක් සූදානම් කර ඇති බවයි.

Neth Sound · CTB JEEWAKA 01

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ලබන 13 වනදා දහවල් වනතුරු බස් රථ ධාවනයට එක්කරන බවයි.

Neth Sound · BUS GEMUNU 01

අවුරුදු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ද විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here