මේ දිනවල හිරු කිරණ ඉතා ම තදයි. නිරාවරණය වූ විට සමට ඉතාම හානි දායකයි. එසේ වූ සමට රාත්‍රියේදී කළ හැකි සත්කාර කිහිපයක් අපි බලමු.
හිරු එළියට නිරාවරණය වීමෙන් ඇති විය හැකි හානි වන්නේ සිරුර පුරා අසමාන වර්ණයක් ඇතිවීම, අත්පය වල අඳුරු ලප කැළල් ඇති වීමයි. අවාසනාවකට හිරු කිරණ මගින් වන හානිය ස්ථිරයි. නමුත් හානියේ පෙනුම අඩු කිරීමට ඔබට විවිධ දේ කළ හැකිය.
සූර්යයා පාරජම්බුල කිරණ (UV) නිකුත් කරයි. පාරජම්බුල කිරණ අත්‍යවශ්‍ය වන්නේ එය අස්ථි වර්ධනයට අවශ්‍ය විටමින් ඩී ශරීරයට ලබා දෙන බැවිනි. නමුත් ඔබ ඔබේ සම තද හිරු කිරණින් ආරක්ෂා නොකරන්නේ නම් එය සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය. පාරජම්බුල කිරණ මගින් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය ය.
රෙටිනොයිඩ්ස්
සමේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා Retinoid බොහෝ විට භාවිතා වේ. Retinoids වලට සමේ සෛල නිෂ්පාදනය වැඩි දියුණු කළ හැකි අතර සියුම් රේඛා, රැලි සහ සමස්ත සමේ ස්වභාවය වැඩිදියුණු කළ හැක.
Retinoids භාවිතා කළ යුත්තේ රාත්‍රියේදී හෝ ඔබ sunscreen භාවිතා කරන විට දිවා කාලයේදී පමණක් බව මතක තබා ගන්න. Retinoids මගින් ඔබේ සම සූර්යයාට වඩාත් සංවේදී කළ හැකි බැවින් ආරක්ෂාව අවශ්‍ය වේ.
විටමින් සී සීරම්
විටමින් C හි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ සමට වන හානිය වළක්වා ගැනීමට උපකාරී වේ. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ විටමින් C මගින් වයස්ගත වීමේ සලකුණු අඩු කර සමේ වර්ණක වැඩි දියුණු කළ හැකි බවයි
ඒ අනුව රාත්‍රියේදී විටමින් C සීරම් එකක් යෙදීම වඩා ප්‍රතිඵලදායී වන්නේ. ඒ නිසායි
Chemical Peeling
හිරු කිරණින් හානියට පත් සම සඳහා Chemical පීල් තවත් ප්‍රතිකාර විකල්පයක් වන අතර සාමාන්‍යයෙන් මුහුණ, බෙල්ල සහ අත් මත සිදු කෙරේ. Chemical පීල් කිරීම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හෝ රූපලාවණ්‍ය ශිල්පියෙකු විසින් සිදු කරනු ලබන අතර සමේ පිටත, හානියට පත් තට්ටුව ඉවත් කිරීමට රසායනික ද්‍රාවණයක් භාවිතා කරයි. මෙය රාත්‍රී සත්කාරයක් නොවන නමුත් ඉතා ඵලදායී සත්කාරයකි.
මේ සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා පැක් එකක් සකස් කළ හැකිය. පිළිස්සුණු සමට ඇති හොඳම ස්වභාවික ආලේපනය වන්නේ සඳුන් සහ කෝමාරිකායි.
පැක් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
සුදු හඳුන් තේ හැන්දක්
වෙනිවැල් කුඩු තේ හැන්දක්
කෝමාරිකා තේ හැන්දක්
කිරි තේ හැඳි දෙකක්
කහ පින්ච් එකක්
මේ සියල්ල එක් කර පේස්ට් එකක් සාදා ගන්න. ඔබ රාත්‍රියේ පිරිසිදු වී පිලිස්සුනු තැන් වල ආලේප කරන්න. පැයකට පසු සෝදා හරින්න.
සූර්යයාගේ පාරජම්බුල කිරණ ඔබේ සමට හානි කළ හැකි අතර සමේ පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු ඇති කරයි.සමේ පිළිකා වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා ඔබේ සම ආවරණය කිරීම සහ හිරු ආවරණ භාවිතා කිරීම මගින් හිරු එළියෙන් සිදුවන හානිය වළක්වා ගැනීම වැදගත් වේ.
Saru FM Media