අවශ්‍ය ටාගට් එකට ආවට පස්සෙ ආහාර පාලනයට මොකද වෙන්නෙ?

0
11


ඩයට් කරන්න කලින් දැනගන්න ඕන දේවල් ගැන අපි කලින් ලිව්වනෙ. ඒ ආටිකල් එක මෙතනින් කියවන්න!

ඩයටින් කරන්න කලින් මේ දේවල් ගැන හිතලම පටන් ගත්තොත් වැඩේ වඩා සාර්ථක වෙයි!

 

අ​ද මේ ලියන්න හදන්නෙ ඩයට් එකකින් තමන්ට අවශ්‍ය ගාණට ඇඟ බස්සගත්තට පස්සෙ මේන්ටේන් වෙන එක ගැන. ඒ කියන්නෙ ඩයට් කරල කෑම පාලනේ කරල අපේ ටාගට් එකට ආවට පස්සෙ මොනාද අපි කරන්න ඕන කියල. මොකද ඩයට් එකකින් පස්සෙ එන අඩුපාඩු ගතිය නැති කරගන්න අපේ කට්ටිය ටාගට් එකට ආව ගමන් කරන්නෙ පිස්සුවෙන් වගේ කාගෙන කාගෙන යන එක. ඊට පස්සෙ සතියෙන් අර බස්ස ගත්තු බර ආපහු නග්ග ගන්නව. මෙන්න මේ නිසා ලයිෆි අපි අද මේ කියන්න හදන්නෙ ඩයට් කරල ටාගට් එක ආවම කොහොමද ඉන්න ඕන කියන එක ගැන. 

 

 

1. ටාගට් එකට ආවට පස්සෙ ඩයටින් වලට මොකද වෙන්නෙ?

ඩයට් එක එක පාරටම අතාරින්න එපා. සතියෙ දවස් පහක් කාර්බ් ෆ්‍රී හිටිය නම් ඩයට් එක නතර කරන්න හිතුවට පස්සෙ සතියට දවස් තුනක්වත් කාර්බ් ෆ්‍රී වෙන්න. හැකි තරම් කාර්බ් අඩු කරන්න. එක සැරේම ඩයට් එක නතර කරල පරණ පුරුදු විදියට හොඳට කන්න ගත්තම අපේ බරත් ඒ ශීඝ්‍රයෙන්ම වැඩිවෙනව. මේ නිසා ඩයට් කරන එක නතර කරනව කියල සම්පූර්ණයෙන් අත් අරින්න එපා. 

 

2. ඉස්සර කාපු බීපුවා ආයෙම කනව බොනවද? 

කිරි තේ, කාබනේටඩ් බීම, පැණි රස කෑම, පාන්, බනිස්, බර්ගර්, පීසා වගේ දේවල් අවම විදියට කන්න බොන්න. මේ කියන්නෙ නොකා නොබී ඉන්න නෙවෙයි. කන්න බොන්න ඒත් ලිමිට් එකක් තියාගන්න. ශරීරයේ පැවැත්මට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා අනවශ්‍ය විදියට කැලරි ගොඩගහගන්න එපා. ඉඳ හිටක එන ක්‍රේවින්ග් ෆීලින්ග් එකට ලොක් දාන් ඉන්න ඕන නෑ. ඒත් ඒකට නිතරම ඉඩ නොදී ඉන්න බලන්න. ආසම හිතුනොත් කැලරි ලිමිට් එකේ ඉඳන් කනව මිසක් පරණ පුරුදු ආහාර රටාවට ආයෙම වැටෙන්න එපා. 

 

3. ඩයට් කරන කොට කරපු ව්‍යායාම ඉවරද? 

ඩයට් කරන එක ගැන කියද්දිත් කිව්වනෙ ව්‍යායාම වැදගත්. ඩයට් කරන එක නතර කළා කියල ව්‍යායාම නවත්තන්න එපා. ඒකෙන් වෙන්නෙ ඩබල් එකේ මහත් වෙන්න ගන්න එක. අනිවාර්යයෙන් දවසට තමන් වෙනුවෙන් පැය භාගයක් වෙන් කරගන්න. මොන වැඩක් තිබුණත් ඒ දේ කරන්න. අමතර කැලරි දහනයට වගේම ශරීරයේ මනා පැවැත්මට ව්‍යායාම ඉතාම අවශ්‍යයි. 

 

4. පොඩි බඩගින්නට මොකෝ කරන්නෙ?

ප්‍රෝටීන් වැඩියෙන් කාර්බ් අඩුවෙන් ගන්න. ප්‍රධාන ආහාර වේල් අතරට එන පොඩි බඩගින්නට ඇපල් කෑල්ලක්, ආමන්ඩ් ඇට කීපයක්, රටකජු ඇට කීපයක්, මිදි ගෙඩි දෙක තුනක්, ලෝ ෆැට් යෝගට් ටිකක් වගේ පොඩි දෙයක් කන්න. ඩයට් කරන කාලෙ හිත තද කරන් මුකුත්ම නොකා හිටියට ටාගට් එකට ආවම එහෙම ඕන නෑ. හැබැයි ඒකෙ තේරුම අනවශ්‍ය කැලරි ඇඟට දාගන්න එක නෙවෙයි.  

 

5. බඩ පිරෙන්න වතුර බොන්න

වතුර වැඩිපුර බොන්න. අවම වශයෙන් ලීටර් තුනක්වත් දවසකට බොන්න. වතුර බොන්න අමතක වෙනව නම් ඒක මතක් කරන්න ඇප්ස් තියෙනවා. එහෙම ඇප් එකක් දාගන්න ඔය බියුටි කැම් ඇප් අයින් කරල. ෆොටෝ වලට නෙවෙයි ඇත්තටම ලස්සන වෙන්න හිතට ගන්න. වතුර බොන එකෙන් හමේ පැහැයත් පැහැපත් වෙනව. හම නිරෝගී වෙනව. අමතර මේදය ශරීරයෙන් ඉවත් වෙන්න වතුර බොන එක උදව් වෙනව. 

 

 

6. ස්කේල් එකට සමුදෙන්න එපා

ඩයට් කරන කොට ලඟ තියාගන්නම ඕන බඩුවක් තමා බර කිරන තරාදිය. ඩයට් එක ඉවරයි ටාගට් එක හරි කියල මේ තරාදිය ඇඳ යටට තල්ලු කරන්න එපා. නිතරම බර කිරන්න. සතියෙන් සතිය බර වැඩි වෙනව නම් කන බොන දේ ගැන ආයෙ හිතන්න පටන් ගන්න වෙනව බව මතක තියාගන්න. මේ නිසා කන බොන දේවල් මොනවද කියන එක ගැන සටහනක් තියාගන්න ඩයට් කරපු කාලෙදි වගේම. අනවශ්‍ය විදියට කෑම බීම අරගෙන නම් පොඩ්ඩක් බඩට වෝනින් එකක් දෙන්න වෙයි. 

 

7. සුව නින්දක්, සමබර ජීවිතයක් 

හොඳ නින්දක් අනිවාර්යයි අපේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්න. ස්ට්‍රෙස් උන ගමන් කෑමට හිත යන අයට අනිවාර්යයෙන් තමන්ගෙ මානසික තත්ත්වය යහපත්ව පවත්වගෙන යන එක ගැන හිතන්නම වෙනව. දිනකට අවම පැය 7ක නින්දක් ලබාගන්න. තමන්ට ආදරේ වෙන්න. නිරෝගී සුවබර ජීවිතයකට මූලිකම අඩිතාලම ඒකයි. 

 

The post අවශ්‍ය ටාගට් එකට ආවට පස්සෙ ආහාර පාලනයට මොකද වෙන්නෙ? appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here