Saturday, May 3, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අවශ්‍යම නඩුවකට දැඩි රැකවල් මැද ‘හරක් කටා’ මාතරට ගෙන එයි

අවශ්‍යම නඩුවකට දැඩි රැකවල් මැද ‘හරක් කටා’ මාතරට ගෙන එයි

0
10


harak-kata-brought-to-matara-amid-tight-security-for-a-critical-case

පාතාල කල්ලි නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා අද (26) උදෑසන අධිකරණ නඩුවක් සඳහා මාතර අධිකරණ සංකීර්ණයට රැගෙන එන ලදී.
දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ ඔහු අධිකරණයට ගෙන ආ බව වාර්තා වේ.
 පසුගිය දිනවල පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව අධිකරණයට ගෙන එන විට අධිකරණ ශාලාව තුළ වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පාතාල නායකයින් අධිකරණයට රැගෙන එතොත් එලෙස ගෙනඑන්නේ අත්‍යවශ්‍ය හේතු මත පමණක් බවට සීමා නිර්ණය විය.

ඒ වෙනුවට මාර්ගගත ක්‍රම ඔස්සේ අවශ්‍ය ප්‍රකාශ අධිකරණ මගින් ලබාගැනීම සිදුවේ.
අද හරක් කටා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රැගෙන ආ අතර නැවත නිරුපද්‍රිතව රැගෙන ගිය බවද වාර්තා විය.
විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ නඳුන් චින්තක හෙවත් “හරක් කටා” ඩුබායිහීදී අත්අඩංගුවට ගනු ලැබුවේ 2022 වසරේ අගෝස්තු මාසයේ දීය.
නමුත් සැකකරු මෙරටට ගෙන්වාගැනීමට සිදුකළ යුතු උදර්පන කටයුතු විධිමත්ව සිදුනොවීම හේතුවෙන් ඩුබායි පොලිසිය විසින් පසුව හරක් කටා මුදාහරිනු ලැබීය.

පසුව 2023 මාර්තු 7 වනදා මැඩගස්කරයේ දී “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු 7දෙනෙකු යළි අත්අඩංගුවට පත්වූ අතර 2023 මාර්තු 15 වනදා ඔවුන්ව දිවයිනට රැගෙන එන ලදි.
එතැන් සිට ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ තබාගනිමින් ප්‍රශ්න කෙරුණි.
එලෙස CIDය භාරයේ සිටියදී හරක් කටා ඉන් පැනයාමටද උත්සාහ කර තිබූ අතර එය ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත්විය.තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් මධ්‍යස්ථානයේ ඔහු රඳවා සිටී.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here