අවයව බද්ධ කරන්න 35දෙනෙක් යාපනයෙන් ගුවන්ගත වෙති

0
5

යාපනය සරසවිය කරන වැඩේට ඩයස්පෝරාවෙනුත් පරිත්‍යාග ලැබෙයි

විවිධ හේතූන් මත අත් පා ඇතුළු ශරීර අවයව අහිමි වූ උතුරු නැගෙනහිර පුද්ගලයින් 35දෙනකු 18 දා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාවේ රෝහල් කීපයකදී කෘත්‍රිමව මෙම අවයව බද්ධ කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන යාපනය විශ්වවිද්‍යාලය විසින් දරනු ලබන්නේ කැනේඩියානු රජයෙන් හා දෙමළ ඩයස්පෝරාවෙන් ලැබුණු පරිත්‍යාගවලිනි.

මේ පුද්ගලයින්ගේ අත් පා ඇතුළු ශරීර අවයව යුද්ධය හා වෙනත් හේතූන් මත අහිමි වී ගොස් ඇත. කෘත්‍රිම අවයව බද්ධ කිරීමෙන් පසුව ඔවුන්ට සමාජයේ සෙසු පුද්ගලයින් මෙන්ම ආර්ථික ක්‍රියාවලියට දායක වීමට අවස්ථාව උදාවන බව යාපනය විශ්වවිද්‍යාලය සඳහන් කරයි. යාපනය විශ්වවිද්‍යාලය විසින් මේ වසරේ මුල් කාර්තුවේ දී ද උතුරු නැගෙනහිර පුද්ගලයින් හතළිස්දෙදෙනකු ඉන්දියාවට යවා ඔවුන්ට කෘත්‍රිම අවයව බද්ධ කොට දී තිබේ.
දිනසේන රතුගමගේ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here