අවපැහැ වුන දෙපාවල නියපොතු පැහැපත් කරන ක්‍රම

0
9


ලස්සන නිය පෙළක් කියන්නේ කාන්තාවකගේ සුන්දර බව තව තවත් වැඩි කරන සාධකයක්.හැබැයි බහුතරයක් කාන්තාවන්ට මේ නියපොතු සම්බන්ධයෙන්, විශේශයෙන්ම කකුල් වල නියපොතු සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙනවා. දෙපාවල නියපොතු පැහැපත් කරන ක්‍රම ගැන අපි මේ ලිපියෙන් කතා කරමු

බොහෝ දෙනා අත්වල නියපොතු ගැන සැලකිලිමත් උනත් දෙපා වල නියපොතු කෙරෙහි එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ.නමුත් කෙනෙකුගේ දෙපා වල නියපොතු කෙරෙහි ඕනෑම කෙනෙක්ගේ අවධානය ඉක්මනින් යොමු වෙන්න පුලුවන් .නිසි කලට නිය ආලේපන ඉවත් කිරීම , බ්‍රශ් එකක් ආධාරයෙන් නියපොතු මැදීම සහ නියපොතු කපා පිරිසිදු කිරීම ඔබ අනිවාර්යයෙන්ම සිදු කල යුතුයි

කාර්‍යාලයට යන කාන්තාවන් බොහෝ දෙනා ආවරණය කල සෙරප්පු සහ සපත්තු පළඳිනවා.එහිදි දෙපා වල ඇඟිලි නිතරම තෙත ගතියෙන් යුතුව තිබීම නිසා නියපොතු ඉක්මනින් දිරා යාම සහ අවපැහැගැන්වීම් සිදු වෙනවා.ඒ නිසා ඔබ ආවරණය කල සෙරප්පු සහ සපත්තු පළඳිනවා නම් වරින් වර ඒවා ගලවා ඔබේ දෙපා වලට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලස්වීමට අමතක කරන්න එපා

ඔබ එළිමහනේ ගමන් කරන විට දුහුවිලි වලට අධික අව්වට ඔබේ දෙපා නිරාවරණය වෙනවා.එවිටද ඔබේ නියපොතු සහ දෙපා අවපැහැගැන්වීම් විය හැකියි

කෘතිම රසායනික ද්‍රව්‍ය ඇතුලත් සැර සබන් වර්ග ඔබේ දෙපා පිරිසිදු කිරීමට යොදා ගැනීම නිසාද ඔබේ නියපොතු අවපැහැගැන්වීමට සහ නියපොතු දුර්වල වීමට හේතු විය හැකියි

දිනපතා රාත්‍රී කාලයේදි ඩෙටෝල් සහ ලුණු මිශ්‍ර ජලයෙහි දෙපා දමා මද වේලාවක් තබන්න.බ්‍රශ් එකක් ආධාරයෙන් නියපොතු හොඳින් පිරිසිදු කරන්න.ඉන්පසුව තෙත රෙදි කැබැල්ලක් ආධාරයෙන් දෙපා හොඳින් තෙත මාත්තු කරන්න

නියපොතු හොඳින් පිරිසිදු කරගැනීමෙන් පසුව ඔබ භාවිතා කරන හොඳ ප්‍රමිතියකින් යුතු මොයිස්චරයිසර් ක්‍රීම් එකක් දෙපා වල ආලේප කර හොඳින් සම්බාහනය කරන්න

ඔබ නියපොතු වලට පමණක් සත්කාර කලාට එය ප්‍රමාණවත් නැහැ.ඔබ ඔබේ දෙපා ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනේ.නියපොතු පිරිසිදු කිරීමට අමතරව දෙපා වලට පැක් එකක් භාවිතා කිරීමත් ඔබට කරන්න පුලුවන් හොඳම සත්කාරයක්
මේ සඳහා,

වෙනිවැල්ගැට කුඩු

මෙමගින් සමෙහි ආසාදන තත්වයන් ඇතිකරන විෂබීජ නසමින් සමෙහි පැහැය වැඩි කරයි

කෝපි කුඩු

සමෙහි මැරුණු සෛල ඉවත් කරමින් සම සුමුදු කරයි

කස්තුරි කහ කුඩු

විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතර සම පැහැපත් කරයි

ලෙමන්

මෙහි ඇති විටමින් සී මගින් සම පැහැපත් කර සමෙහි ඇති කැළැල් ඉවත් කරයි

මේ අමුද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කර පැක් එකක් සාදා දෙපා වල ආලේප කර විනාඩි විස්සක් පමණ තබා ,තෙත් කර ,ස්ක්‍රබ් කරමින් සෝදා හරින්න

මෙම සත්කාරය සතියකට වරක් කිරීම ප්‍රමාණවත්

මෙය ඔබේ දෙපා වලට මෙන්ම නියපොතු වලටත් ඉතා හොඳ සත්කාරයක්.මේ සඳහා ඔබට සුදු පොල්තෙල් මෙන්ම ඔලිව් තෙල් භාවිතා කල හැකිය

සුදු පොල් තෙල්

සුදු පොල් තෙල් මගින් දෙපා සම්බාහනය කිරීමෙන් නියපොතු සහ දෙපා වල දීප්තිමත් බව වැඩි කරනවා.ඒ වගේම වියළි බව දුරු කරනවා

ඔලිව් තෙල්

ඔලිව් තෙල් මගින් සමෙහි ඇති කැලැල් ඉවත් කර සම සුමුදු කරනවා.ඒ වගේම සම පැහැපත් කරමින් සම වියළීම අවම කරනවා

නියපොතු කැපීම

ඔබ මසකට වරක් වත් ඔබේ නියපොතු කැපීම අනිවාර්යයෙන්ම සිදු කල යුතුයි. ඒ වගේම trim කිරීම සහ shape කිරීම මගින්ද නියපොතු ලස්සනට පවත්වාගෙන යන්න ඔබට පුලුවන්

අත්වැසුම් භාවිතා කිරීම

ඔබ නිවසේ ,මුලුතැන්ගෙයි සහ ගෙවත්තෙ වැඩ සිදු කරන විට අනිවාර්යයෙන්ම අත් වැසුම් භාවිතා කරන්න අමතක කරන්න එපා.ඔබ නිතරම වතුර භාවිතා කරන විට නියපොතු තුනී වී කැඩී යාමට තිබෙන හැකියාව වැඩිවෙනවා.

Cuticle ක්‍රීම් එකක් භාවිතා කිරීම

නිවසේදීම අපිට භාවිතා කරන්න පුලුවන් හොඳම cuticle ක්‍රීම් වර්ගය තමයි දෙහි සහ සීනි කියන්නේ.දෙහි ලෙල්ලකට සීනි එකතු කර ඔබට ඔබේ නියපොතු වල හොඳින් අතුල්ලා සම්බාහනය කරන්න පුලුවන් .එවිට ඔබේ නියපොතු දීප්තිමත් සහ ශක්තිමත් වෙනවා
දෙහි වල අඩංගු විටමින් සී මගින් ඔබේ නියපොතු වලට දීප්තිමත් බවක් ලබා දෙනවා. ඒ වගේම නියපොතු වල ඇති පැල්ලම් සහ කහට ගතිය සහ දුර්වර්ණ ගතියද මෙමගින් ඉවත් කරනවා

Cuticle Push කිරීම



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here