අපේ රටේ මෙන්ම ලෝකයේත්, කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝග දෙකක් තමයි ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා. මේවා කලින් හදුනාගත්තොත් අවශ්‍ය සැත්කම් සහ ප්‍රතිකාර වලින් සුව කළ හැකි රෝග. වැදගත් වන්නේ ඒවා හදුනාගැනිම සදහා කළ යුතු පරීක්ෂණ ගැන කාන්තාවන් දැනුවත් වීමයි. ඒවා හැකි ඉක්මනින් කර ගැනීමයි. එවිට අපට වටිනා ජීවිත, රාශියක් බේරා ගත හැකියි. පිරිමි මිතුරන්, වයස අවුරුදු 35 ට වැඩි තමන්ගේ බිරිද, මව, සොහොයුරිය, මිතුරියන්, පෙම්වතියන් මේ පරීක්ෂණ කරවා ගැනීම සදහා උනන්දු කරන්න. කොළඹින් පිට පළාත්වල මේ පරීක්ෂණ කරවා ගැනිම සදහා ඇති සායන සහ රෝහල් පිළිබදව තොරතුරු දන්නා අය ඒවා share කරන්න. මේක ලොකු සද් කාර්යයක් වේවි.
මේ තැන්වලින් මේ පරීක්ෂණ පහසුවෙන් සහ අඩු මුදලට කර ගත හැකියි.
පවුල් සැලසුම් සංවිධානය (Family Planning Association- FPA),
37/27, බුලර්ස් පටුමග,
කොළඹ 07.
දුරකතන- 0112555455
පැප් පරීක්ෂණය රුපියල් 1250/-
මේ ස්ථානයෙන් සතියේ ඕනෑම දවසක උදේ 9 සිට සවස 3 දක්වා මේ පරීක්ෂණය කරවා ගත හැකියි. බ්‍රහස්පතින්දා දිනවල පියයුරු ස්කෑන් පරීක්ෂණය සිදු කර ගත හැකියි. ස්කෑන් පරීක්ෂණය සදහා යන අය බ්‍රහස්පතින්දා දිනවල උදේ 8. 30 න් පසු ඉහත දුරකතන අංකයට කතා කර කලින් වෙලාවක් වෙන් කර ගත යුතුයි. මේ සදහා වැය වන මුදල රුපියල් 1500/-. ඉතා මිත්‍රශීලි සුහද වෛද්‍යවරියන් සහ හෙදියන් සිටින මේ සායනය පිරිසිදු, ප්‍රසන්න ස්ථානයක්.
නාරාහේන්පිට පිහිටා ඇති පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික මධ්‍යස්ථානයෙන්ද පැප් පරීක්ෂණය සහ පියයුරු පරීක්ෂාව නොමිලේ කරවා ගත හැකියි.
එහි ලිපිනය- 516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට
දුරකතන – 0113159227
Saru FM Media