නැන්දම්මා සහ ලේලි අර්බුදය ඉතිහාස කතාවල පවා කියැවෙන අර්බුදයක්. ඒ ඝට්ටනයට කිසිම දවසක නැවතීමක් නැති තරම්. ඒත් මේ චක්‍රය කොහොමහරි අවසන් කළ යුතු බව ඔබට හිතෙන්නේ නැද්ද?
“මම ළඟදි විවාහ වෙන්න ඉන්නේ. මට මගේ නැන්දම්මත් එක්ක ගනුදෙනු කිරීම ගැන හරිම බයක් ඇති වෙන්නේ. මම කොහොමද නැන්දම්මත් එක්ක ගනුදෙනු කරන්නේ?“
අපේ SmartLady සමූහයට එන නිර්නාමික ගැටලු 90% ක්ම මේ සම්බන්ධ ඒවා. සැබෑවටම මේ සම්බන්ධතාවය නිවැරදිව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා තරුණියන් දන්නෙත් නැති තරම්.
අපි අද අලුත බැඳපු මනමාලියක් නැන්දම්මා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කියන්න හිතුවේ ඒකයි. කොහොමද ඔබ නැන්දම්මා එක්ක ගනුදෙනුව කරගෙන යන්නේ.
ඒ මවක්. වැඩිහිටි කාන්තාවක්. ඔබ ඇය ගැන හරියටම තේරුම් ගන්න. ඇයට ආචාරශීලීව සලකන්න. ඇය සමඟ කතාබහ කිරීම සහ ඇය සමඟ දේවල් කරන විට මේ ආචාරශීලී බව නිරන්තරයෙන්ම පවත්වා ගන්න.
සරල උදාහරණයකින් මෙහෙම හිතන්න. ඇය කුඩා කටු සහිත මාළු කන්නට කැමතිම නෑ. ඔබ දැන් දවස් කීපයක්ම කුඩා මාළු බදින එක පුරුද්දකට අරන්. ඔහොම කුඩා හේතු පවා මහ හේතු බවට පෙරළෙනවා. ගැටළු ඇති වෙනවා. ඒ නිසා ඇගේ රුචි අරුචිකම් ගැන එක්කෝ ඇගෙන්ම කෙලින්ම අහන්න. නැත්නම් ඔබ ඔබේ සැමියාගෙන් ඒ ගැන අහන්න.
“අම්මා උයන චිකන් එක හරිම රසයි අම්මෙ, අම්මා කෝපි හදනවා පුදුම රසක්, අම්මා මල් වවලා තියන හැටි හරිම ආස හිතෙනවා. අම්මා ගාඩ්නින් වලට ගොඩක් මහන්සි වෙනවා නේද” එහෙම දෙයක් කියන එකේ කිසිම වරදක් නෑ. එය ඔබට ලකුණු ටිකක් එකතු කරන වැඩක්. ඇය ඔබට දුවෙක්ට වගේ ආදරේ කරන්න ඒ වගේ කතා හොඳ හේතුවක් වෙයි. කෑම රස බව කියන එක බොහෝ අම්මලාගේ ආදරය දිනා ගන්න හේතුවක්.
ඔබ හෙට අඳින ඇඳුම දැනටමත් තීරණය කර අවසන් බව ඇත්ත. ඒත් නිකමට ඇගෙන් ඒ සම්බන්ධයෙන් හොඳ නරක අහන්න. උයන ගමන් ඇයට ඇමතුමක් දීලා උයමනට උපදෙස් ගන්න. ඒවා ඔබත් ඇයත් අතර බැඳීම වර්ධනයට හේතු වෙනවා.
අම්මා කෙනෙකුට තෑග්ගක් දෙන්න හේතුවක් ඕනෑම ද? ඉඳහිට ඇය කැමති මල් පැලයක්, ඇය කැමතිම පාට ඇඳුමක් වගේ දෙයක් තෑගි දෙන්න. කිසිම විශේෂ හේතුවක් නැතත් මට අම්මා මතක් වූ බව කියන්න. ඇය ඔබට දියණියකට වාගේ ආදරය කරයි.
එය එහෙම බව ඔබට හැඟෙනවා නම් මේ දේවල් කරන්න එපා.ඔබ නැන්දම්මා නිසා සැමියා සමඟ ගැටුම් ඇති කරගන්න එපා. කෙටියෙන් කියනවානම් ඔබේ දික්කසාදයට හේතුව ඇය කර ගන්නට එපා. ඔබට ඔබේ සැමියා සමඟ ඔබේ මානසික පීඩා විස්තර කරන්නට කාලයක් අවශ්‍ය වේවි. ඉන්පසු ඇගෙන් ඈත් වී ජීවත් වන ආකාරය පැහැදිලි කර ගන්නට පුලුවන්. ඒ වගේම ඔබ ආපස්සට ගැටුම් ඇති කර ගැනීමත් කරන්න එපා. ඇය ගැන අනිත් ඥාතීන් සමඟ කේලම් කියන්නත් එපා.
ඔබ තවම අලුත් මනමාලියක්. ඔබ ස්මාර්ට් වෙන තරමට ඔබේ පවුල තුළ ඔබට තැනක් හදා ගන්න පුලුවන්. ඒ නිසා ස්මාර්ට් වෙන්න.
Saru FM Media