අලුත් හිසකෙස් එක්ක පිරිපුන් කෙස් කළඹක් ලබාදෙන hair mask මොනවද බලමුද?

0
12


තමන්ට තියන්නෙ දිගු කොණ්ඩයක් වුනත් කෙටි කොණ්ඩයක් වුනත් අපි ඕනෑම කෙනෙක් අපේ කෙස් කළඹ නීරෝගීව, හොඳ පෙනුමකින් පවත්වා ගන්න සැළකිලිමත් වෙනව කියන කාරණාව රහසක් නෙමෙයි.

විශේෂයෙන්ම, මේ දවස්වල තියෙන අධික හිරු රශ්මියත් එක්ක ඔබේ සම ගැන තරම්ම වැදගත්කමකින් ඔබේ හිසකෙස් ගැනත් අවධානය යොමු කිරීම අත්‍යාවශයයි කියලත් අපි මේ වෙලාවෙ ඔබට මතක් කරන්න කැමතියි. 

ඔබේ හිසකෙස් හානිවීමට සහ හිසකෙස් වැටිමට බලපාන හේතු ලෙස,

ඉතිං මේ විදිහට හානිවූ ඔබේ කෙස් කළඹට පිරිපුන් පෙනුමක් ලබාදෙන්නත් අලුත් හිසකෙස් වර්ධනය කරන්නත් උපකාරී වෙන hair mask ගැන ඔබව දැනුවත් කරන්න තමයි අපි අද සූදානම් වෙන්නේ.

හිසකෙස් මූලයන් වලට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් හිසකෙස් නැවත වැවීම උත්තේජනය කිරීමේ හැකියාව මේ hair mask වර්ග වලට තියෙනවා. 

එහෙමනම් අපි බලමු මේවා පිළියෙළ කර භාවිතා කරන්නෙ කොහොමද කියල?

අලිගැටපේර ගෙඩියක් ගෙන එහි පොතු සහ ඇටය ඉවත්කර ගන්න.

සුද්ධ කරගත් අලිගැටපේර ගෙඩිය කුඩා භාජනයකට දමා හැන්ඳක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් හොඳින් පොඩිකර ගන්න.

දැන් මේ අලිගැටපේර මිශ්‍රණයට පොල්තෙල් මේසහැඳි 01 ක් එක්කර හොඳින් කලවම් කරගන්න.

සාදාගත් මිශ්‍රණය හිස්කබලේ සිට හිසකෙස් අග දක්වා හොඳින් ආලේප කරගන්න. 

විනාඩි 20 ක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදාහැර ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පූ වර්ගයක් යොදා හිසකෙස් පිරිසිදු කරගන්න. 

සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 02 ක් ගෙන කුඩා භාජනයකට කඩා ගන්න.

බිත්තර කහමදය සහ සුදුමදය හොඳින් මිශ්‍රකර ගන්න.

දැන් ආමන්ඩ් ඔයිල් (පොල්තෙල් හෝ ඔලිව් තෙල්) මේස හැන්ඳක් බිත්තර මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න. 

සාදාගත් බිත්තර මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ආලේප කර විනාඩි 15 ක් පමණ තබන්න. 

විනාඩි 15 කට පසු සාමාන්‍ය ජලයෙන් හිසකෙස් සෝදා ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පූ වර්ගයක් යොදාගෙන දෙවරක් හිස පිරිසිදු කරගන්න. 

සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට යෝගට් කෝප්ප 01 ක් සහ පොල්තෙල් මේස හැඳි 01 ක් එකතුකර හොඳින් කලවම් කරගන්න. 

විනාඩි 20 ක් පමණ තබන්න. 

සාමාන්‍ය ජලයෙන් හිසකෙස් සෝදා හැර ඔබේ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පූ වර්ගයක් භාවිතා කර හිසකෙස් පිරිසිදු කරගන්න. 

කුඩා භාජනයක් ගෙන එයට පොත්ත ඉවත් කරගත් ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක් සහ ආමන්ඩ් තෙල් (පොල්තෙල් හෝ ඔලිව් තෙල්) මේස හැඳි 01 ක් එකතු කරගන්න. 

කෙසෙල් ගෙඩි හොඳින් පොඩිවන තුරු ආමන්ඩ් තෙල් සමඟ හොඳින් මිශ්‍රකර ගන්න. 

සාදාගත් මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ආලේපකර විනාඩි 15 ක් තබන්න.

විනාඩි 15 කට පසු සාමාන්‍ය ජලයෙන් හිසකෙස් සෝදාහැර ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පූ වර්ගයකින් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න.  

සාමාන්‍ය ප්‍රමාණයේ භාජනයක් ගෙන එයට කිරි කෝප්ප 01 ක් සහ මී පැණි මේස හැඳි 03 ක් එකතුකර හොඳින් කලවම් කරගන්න. 

හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ආලේප කර විනාඩි 10 ක් 20 ක් පමණ තබන්න. 

සාමාන්‍ය ජලයෙන් හිසකෙස් හොඳින් සෝදාහැර සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පූ වර්ගයකින් හිසකෙස් සෝදා පිරිසිදු කරගන්න. 

ඉතිං ඔබේ හානිවූ හිසකෙස් වලටත් ඉතාම පහසුවෙන් නිවසේදීම ඔබටම කරගන්න පුළුවන් මේ ස්වභාවික සත්කාර වලින් හොඳ පෝෂණයක් වගේම පිරිපුන් පෙනුමක් ලබාගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.

මෙවැනිම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here