මාලු මිලදී ගන්න විට අපි බොහොමයකට ඇති වෙන ප්‍රශ්නය පරණ මාළු වලට අසු වීම.. ඇත්තටම මෙයට විසඳුමක් නැද්ද?
- අලුත් මාළු අදුරගන්න හැමෝම මුලින්ම බලන දෙයක් මාළුවගේ කරමල. මාළුවගේ කරමල මාළුවෙක් මිය ගිය විට ඉක්මනින්ම නරක් වෙන කොටස ලෙස හඳුන්වනවා. අලුත් මාළු වල කරමල රෝස පාටයි. කරමල දම් පාටට හෝ කලුපාටට හුරු නම් ඒ මාළු ගන්න එපා.
- වතුර ගතිය සහිතව පිම්බිලා පැහැදිලිව ඇස් සහිත මාළු අලුත් මාළුයි. අපැහැදිලි ඇස් ඇත්නම් ඒ මාළු පරණයි.
- අලුත් මාළු ඇගිල්ලෙන් එබූ විට තද ගතියක් දැනෙනවා. මාලු පරණ වෙද්දී හම මෘදු නිසා ඇගිල්ලෙන් එබූ විට එතන වලක් ඇතිවෙනවා.
- මාළු පරණ වෙන විට කොරපොතුවල දිලිසීම අඩු වෙනවා. පරණ මාළු අධික දුර්ගන්ධයක් සහිතයි. ඒ වගේම කැබලිවලට කැපූ මාලුත් ඕනවට වඩා කල් තබා ගන්න එපා.
-නිබන්ධිකා-
The post අලුත් මාළු හඳුනා ගන්නේ මෙහෙමයි appeared first on SmartLady.
Saru FM Media