අලුත් පාරකට හැරුණු ගැරඬිඇල්ල අනතුරේ පරීක්ෂණ

0
3


කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් ආරම්භ කළ පරීක්ෂණ මෙතෙක් අවසන්ව නොමැති බව රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ බස් රථයේ රියදුරුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බැවින් විශේෂ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇති බවයි.

Neth Sound · SSP RANAGALA 01

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ බස් රථයේ ගමන් කළ මගීන්ගේ නිරීක්ෂණ ද මෙම පරීක්ෂණය සඳහා යොදා ගන්නා බවයි.

Neth Sound · BIMAL 04

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 23 දෙනා වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබෙනවා.       

ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙනු ඇති.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here