අලුත් පරම්පරාව බුද්ධියෙන් පහළයි

0
2

තාක්ෂණය දියුණු වීම තුළ 1997 සිට 2012 දක්වා කාලයේ ඉපදුණු අලුත් පරම්පරාව (Gen Z) ඊට පෙර පරම්පරාව වූ “මිලේනියම්” (Gen Y) එනම් ඔවුන්ගේ දෙමාපියන් අයත් වන පරම්පරාවට වඩා බුද්ධි මට්ටම අතින් ඉතා පහළ තත්ත්වයක ඇති බවට නවතම ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ, වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ ස්නායු විද්‍යාඥ (Neuroscientist) සහ අධ්‍යාපනඥ (Educator) ආචාර්ය ජාඩ් කුනි ( Dr. Jared Cooney) විසින් එක්සත් ජනපදයේ වාණිජ, විද්‍යාත්මක සහ ප්‍රවාහනය පිළිබඳ ස්ථාවර සෙනට් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දක්වා ඇත.

මෙහිදී ඔහු අවධාරණය කරන්නේ මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙමින් පැවති බුද්ධි වර්ධනය (Flynn effect) Gen Z පරම්පරාවේ සිට පසුපසට ගමන් කරන බව යැයි වෛද්‍ය පාලිත මහතා පවසයි.

තාක්ෂණික දියුණුව අධ්‍යාපනයට ද යොදා ගැනීම හේතුවෙන් සහ ඩිජිටල්කරණය නිසා මේ පරම්පරාවේ පුද්ගලයන් තුළ භාෂාමය, ගණිතමය, සංජානන හැකියාවන් මෙන්ම තාර්කික හැකියාව සහ ගැටලු විසඳීමේ හැකියාව ද පූර්ව පරම්පරාවට වඩා බෙහෙවින් අඩු බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here