අලුත් තාලෙට අඳින්න කැමති කෙල්ලන්ට

0
19


නව යොවුන් විය සහ විලාසිතා කියන්නේ පැහැදිළිවම එකක්.ඉතින්  විලාසිතා ගැනම සිහින දකින සුන්දර ටිනෙජර්ස්ලාට තමා මේ විලාසිතා සියල්ලම …

දණහිස අසලට මසා තිබෙන කෙටි සාය සහ ලේස් බ්ලවුසය මේ දිනවල ටිනෙජර්ස්ලා අතර බෙහෙවින් ජනප්‍රිය විලාසිතාවක්. මේ බ්ලවුසය සායට යට කර ඇඳිය යුතුයි. ඒ වගේම සාය ටිකක් ඉන උස්කර සකසා තිබෙනවා. මේ ඇඳුමට හොඳම සැන්ඩ්ල්ස්  පාවහන්. දිවා කාලයට ගැළපෙන විලාසිතාවක්.

මේ ගවුම මසන්නේ තනි පැහැයකින්. එහි ඉණෙන් පහළ කොටස ලඟින් පිහිටන රැළිති ලෙස සකසා තිබෙනවා. උඩුකය ලිහිල්  සහ ගවුමේ කර ගෙළ  අසලටම සිටින සේ නිමකර තිබෙනවා. මෙය කෙටි ගවොම් විලාසිතාවක්.

මෙම ඩෙනිම් ජින්සයේ දණහිස අසලින් ටිකක් දිග කැපුමක් තිබෙනවා. මෙම කැපුම දණහිස නිරාවරණය ලෙස හෝ නොවන ලෙස සකසා තිබෙන්නට පුළුවන්. උස් ඉණ සහිත ජීන්සයට අඳින ඉරි සහිත බ්ලවුසයක් නම් එය ජින්සයට යටකර ඇඳිය යුතුවනවා.

රැගිටි කිට් කියන්නේ සාමන්‍ය ඩෙනිම් ජීන්සයට අඳින අත් නැති ටී ෂර්ට් එකට සහ ජින්සයට පළඳින බෙල්ට් එකටයි. මෙයට කැන්වස් සපත්තු හෝ පටි පාවහන් කදිමට ගැළපෙනවා.

ලා නිල පැහැයෙන් යුතු ඩෙනිම් රෙදි වර්ග දෙකකින් මෙම විලාසිතාව සකසනවා. එය සාය සහ බ්ලවුසය ලෙස හෝ ජින්සය සහ උඩු ඇඳුම ලෙස විය හැකියි. කොටස් දෙකම ඩෙනිම් විය යුතුයි.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here