අලුත් අවුරුදු සමයේ සුරාබදු වැටලීම් – දැනටමත් 1,320ක් අත්අඩංගුවේ

0
20


අලුත් අවුරුදු සමයේ මේ දක්වා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 1,320 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීම්වල දී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගර 224ක්, නීති විරෝධී මත්පැන් අලෙවි කළ ස්ථාන 658ක් ඇතුළු වැටලීම් 1,178ක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව අයිස් සහ හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙන සිටි 56 දෙනෙකු ද ඇතුළු වස විස අබිං සහ අන්තරායක ඖෂධ පිළිබද ආඥා පනතට අනුව සැකකරුවන් 85 දෙනෙකු දසුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දුම්කොළ ආඥා පනතට අනුව වැරදි සිදුකළ සැකකරුවන් 57 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර, සුරාබදු ආඥා පනතට අනුව විධිවිධාන කඩ කරමින් මත්පැන් අලෙවි කරමින් සිටි බලපත්‍රලත් රටබීම හල් 03 කට මුද්‍රා තැබීමට ද සුරාබදු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී ඒ ඒ ප්‍රදේශයන්වල අධිකරණවල දී නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට අමතරව මුද්‍රාතබා ඇති රටබීම අලෙවිසැල් වලට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තු නීතිය අනුව කටයුතු කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මෙම විශේෂ මෙහෙයුම් ලබන 17 වනදා තෙක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here