අලුත් අවුරුදු නැකැත් හා චාරිත්‍ර

0
9


අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන බ්‍රහස්පතින්දා ද අභිනව සූර්ය වංශය සඳහා අප්‍රේල් මස 28 වන සිකුරාදා නව සඳ බැලීම මැනවි.

අප්‍රේල් මස 12 වන බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්ව භාග 02.04 ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.

අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා දින අපර භාග 7.40 සිට අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්ව භාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින්,අප්‍රේල් මස 13 වන බ්‍රහස්පතින්දා දින අපර භාග 07.40 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවන්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් ,14 වන සිකුරාදා පුර්වභාග 02.04 සිට පුර්ව භාග 08.28 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම,ගනු දෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි.

අප්‍රේල් මස 14 සිකුරාදා පුර්ව භාග 05.41 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා ගිතෙල් හා හකුරු මිශ්‍ර කිරිබතක් සහ අග්ගලා සහ කැවිලි ආහාරයක් පිළියෙළ කර ගැනීම මැනවි.

අප්‍රේල් මස 14 වන සිකුරාදා පුර්වභාග 07.05 ට සුදු සහ නිල් මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

අප්‍රේල් මස 15 වන සෙනසුරාදා දින පුර්ව භාග 11.04 ට උතුරු දිශාව බලා හිසට නුග පත්ද පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්තරාභරණයෙන් සැරසී තෙල් සහ නුගපත් මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

අප්‍රේල් මස 17 වන සඳුදා පුර්ව භාග 06.28 ට උතුරු දිශාව බලා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි හා ගිතෙල් මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here