ජ්‍යෙතීර්වේදීන්ගේ පොදු එකඟතාව හිමි වූ 2026 අලුත් අවුරුදු නැකත් සීට්ටුව අද උදෑසන (17) ශ්‍රීමත් මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබිණ.
මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක අතිපූජනීය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අතිපූජනීය නාරම්පනාවේ ආනන්ද අනුනායක මාහිමිපාණන්වහන්සේ වෙත එකී නැකැත් සීට්ටුව පිළිගැන්වීමේ අවස්ථාවට බුද්ධ ශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා පුද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධන යන අය සහභාගි වූහ.
ඉතාම විවාදාපන්නව තිබූ අවස්ථාවක් මනා ලෙස කළමනාකරණය කරගෙන රටෙහි මහජනයා අවිනිශ්චිතතාවෙන් මුදවාලීමට කටයුතු කිරීම පිළිබඳ ව උන්වහන්සේලා රජය වෙත ප්‍රසාදය පිරිනැමූහ.
1
Saru News
















