අලුත් අවුරුදු තේ මේසයට සව් දොදොල්

0
10


සව් දොදොල් කියන්න අලුත් අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි දෙයක්.පොඩිත්තන් වගේම වැඩිහිටියන් පවා මේ රස කැවිල්ලට ලොකු කැමැත්තක් දක්නවා.හදන්න අමාරුයි කියලා හිතුනත් මේ සව් දොදොල් හදන්න එතරම් අමාරු නෑ.ඒ නිසා සව් දොදොල් හදන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න ස්මාට් ලේඩි අපි හිතුවා

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • හාල් පිටි 1kg
  • ගාගන්නා ලද පොල් ගෙඩි 2
  • ලුණු ස්වල්පයක්
  • වතුර අවශ්‍ය පමණ
  • කිතුල් පැණි බෝතල් 1 1/2ක්
  • සීනී කෝප්ප 1 1/2ක්
  • එනසාල් ඇට 10ක්

හදන්නෙ මෙහෙමයි

  • මුලින්ම හාල් පිටි ,පොල් සහ ලුණු ස්වල්පයකට වතුර අවශ්‍ය පමණ එකතු කර පිට්ටුවක් ආකාරයෙන් සකස් කරගන්න
  • ඉන්පසුව භාජනයකට පැණි එකතු කර රත් කරගන්න
  • එයට කුඩු කරගත් එනසාල් සහ සීනි එකතු කරන්න
  • පැණි හොඳින් උණු වීගෙන එන විට එයට කලින් සකස් කරගත් පිටි මිශ්‍රණය එකතු කරගන්න
  • මද වේලාවක් හොඳින් මිශ්‍ර කරගෙන ලිපෙන් ඉවත් කරගන්න
  • දැන් තැටියකට මේ මිශ්‍රණය දමා අවශ්‍ය පමණට කෑලි කපාගන්න

ඉතින් සව් දොදොල් හදන එක එතරම් අමාරු දෙයක් නෙමෙයි කියලා ඔබට දැන් තේරෙනවා ඇති.මේ අලුත් අවුරුද්දේ ඔබේ කැවිලි මේසයටත් සව් දොදොල් හදලා ඔබේ නෑ හිතමිතුරන්ට පිළිගන්වන්න ඔබට පුලුවන් .ඒ වගේම ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here