අලුත් අවුරුදු කෑම මේසයට හත් මාළුව

0
10


අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි ව්‍යාංජන වර්ග තියනවා.සිංහල ක්‍රමයට උයන අපේ අවුරුදු කෑම මේසය රහ වැටෙන්න, අවුරුදු පාට එන්න මේ අය නැතුවම බෑ.ඒත් අපේ අලුත් ගෘහණියන්ට මේ පැරණි වට්ටෝරු උයන හැටි ගැන ඒ තරම් දැනුමක් නෑ.ඒ නිසයි අපි හිතුවේ රසම රස සිංහල ව්‍යාංජන රෙසිපිත් ඔයාලට අරන් එන්න.අද කියන්න යන්නේ හත් මාළුව හදා ගන්න හැටි.

හත් මාළුවට අවශ්‍ය දේ

  • කැරට් අල 2
  • කොස් ඇට 10
  • කඩල පරිප්පු දීසි 1/2
  • බෝංචි කරල් 6
  • මුං ඇට දීසි 1/2
  • බතල අල 2
  • හාල්මැස්සන් ග්රෑම් 50
  • කහ
  • කජු ස්වල්පයක්
  • කරපිංචා
  • තෙල් ස්වල්පයක්
  • මිරිස් කුඩු තේ හැඳි 2
  • වියලි මිරිස් කරල් 2
  • ලුණු
  • උකු කිරි කෝප්ප 1
  • අබ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය:-

  • මුං ඇට,කඩල පරිප්පු හොඳින් පෙගෙන්නට තැබිය යුතුය.
  • කොස් ඇට පොතු හැර කුඩා කැබලිවලට කපන්න.
  • හාල්මැස්සන් සෝදා පිරිසිදු කර එයට එකතු කරන්න.
  • බතල සූරා කැබලි වලට කපන්න.
  • බෝංචි තරමක් ලොකුවට කපන්න.
  • කැරට් දිග අතට කපන්න.
  • කඩල පරිප්පු, මුං සහ කජු සෝදා ඒ සියල්ල එකම බඳුනකට දමා මිරිස්,කහ,ලුණු යොදා දිය කිරෙන් තම්බා පසුව අනිත් කිරි එකතු කරන්න.
  • තෙම්පරාදුවට ළූණු කපා,වියලි මිරිස් කඩා,කරපිංචා සමග එකතු කර ව්‍යංජනයට එකතු කරන්න.
  • .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here