අලුත් අවුරුදු උදාවට හෝරා කිහිපයක් තිබිය දී පුංචි පුතුට දිවි අහිමි වූ ඛේදවාචකය

0
17


බලංගොඩ පොලිස් වසමේ රුක්මල්කඳුර ප්‍රදේශයේදී නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේ දී නිවසේ සිටි පිරිමි දරුවෙකු ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් දරුවා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

ජීවිතක්ෂයට පත් වූ දරුවා වයස අවුරුදු 01 යි මාස 07 ක් වූ බලංගොඩ, දෙපැලමුල්ල ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් මියගිය දරුවාගේ පියා බලංගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here