අලුත් අවුරුදුදා වැල්ලවාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

0
10


වැල්ලවාය, රණවරාව හන්දියේ බස්නැවතුම් පොල අසලදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 55ක් වූ රන්දෙනිය, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. 

පැරණි ආරවුලක් හේතුවෙන් ඔහු ඝාතනය කර ඇති බවටයි දැනට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. 

ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 

මේ අතර මනම්පිටිය, දිඹුලාගල, මහඋල්පත මාර්ගයේ මහඋල්පත ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඋල්පත, කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පැවසුවේ. 

දිඹුලාගල දෙස සිට මහඋල්පත දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන්ගත් කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා. 
මේ අතර බලංගොඩ, රුක්මල්කඳුර ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු ලොරි රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිවසක ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ලොරි රථයක් පණ ගන්වා නිවසින් පිටව යාමට පසුපසට ධාවනය කරන අවස්ථාවේදී නිවසේ සිටි පිරිමි දරුවෙකු එලෙස ලොරි රථයේ වම්පස පිටුපස රෝදයට යටවී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

අනතුරින් බරපතල තුවාල ලැබූ පිරිමි දරුවා බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. 

මියගිය දරුවා වයස අවුරුදු 01යි මාස 07ක් වූ බලංගොඩ, දෙපැලමුල්ල ප්‍රදේශයේ පදිංචි ලොරි රථයේ රියදුරුගේ පුත්‍රයා වන බවයි පොලීසිය පැවසුවේ. 

අනතුර සිදුකල මියගිය දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇති අතර බලංගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here