අලුත් අවුරුද්ධට පෙර නව වෛද්‍ය පත්වීම් ලබා දෙනවා – සෞඛ්‍ය ඇමති – Saru News | සිංහල

0
3

ශ්වාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන් 435ක් සඳහා පළමු පත්වීම සිංහල දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මඟින් වෑවිට වැව්තාවුල්ලේ ඉදිකරන ලද ‘බණ්ඩාරගම ළමා උද්‍යානය’ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබාදීමට රජයට හැකියාව තිබෙන බවත් අසාධාරණ ලෙස වැඩ වර්ජනයක් කිරීමේ වුවමනාව මත පමණක් වැඩ වර්ජනය කරන්නේ නම් එතැන ගැටලුවක් පවතින බවත් එහිදී ඔහු අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබා දී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් ඔහු මෙහිදී පැවසීය.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවත් පත්වීම් සඳහා වෛද්‍යවරු 453 දෙනකුගෙන් 435 දෙනකු අයදුම් කර තිබෙන බවත් ඇමැති වෛද්‍ය නලින්ද මෙහිදී සඳහන් කළේය.

මේ වනවිට එම වෛද්‍ය පත්වීම් ලාභීන්ගේ ලැයිස්තු සකස් කරමින් සිටින බවත් එම ලැයිස්තුව අමාත්‍යාංශය මඟින් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවත් “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අසාධාරණ ආකාරයේ වැඩ වර්ජන කිරීමෙන් ජනතාව මෙන්ම රෝගීන් පීඩාවට පත්වන බව වර්ජන කරන අය හොඳින් දන්නවා” යැයිද සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here