අලුත් අවුරුද්ද සැමරීමට සූදානම් වන ජනතාවගෙන් නගර පිරී යයි

0
8


අලුත් අවුරුද්ද සැමරීම සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට පැමිණෙන ජනතාවගෙන් දිවයිනේ බොහෝ නගර පිරී ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

ගම්බිම් බලා යාමට සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගෙන් කොළඹ කොටුව ප්‍රදේශය පිරී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
 

ගාල්ල නගරයද මේ වන විට ජනතාවගෙන් පිරී පවතිනවා. ඒ පිළිබඳ තොරතුරු ගාල්ල නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්. 

Neth Sound · COR RAVINDRA 01

 

සාමාන්‍යයෙන් පොහෝ දිනවල වසා තැබෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද දිනයේ විවෘතව පවතින බවයි දඹුල්ල නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර පැවසුවේ. 

Neth Sound · COR KANCHANA 01

හලාවත, පුත්තලම, වෙන්නප්පුව ප්‍රදේශවල ජනතාවද අලුත් අවුරුදු සැමරීම සඳහා මහත් උනන්දුවකින් යුතුව සූදානම් වන බව නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවා.

Neth Sound · COR SAMANTHA 01

උතුරේ ජනතාවද අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා ලහි ලහියේ සූදානම් වනවා. ඒ පිළිබඳ තොරතුරු වව්නියාව නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරියගෙන්. 

Neth Sound · COR MADAWA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here