අලුත් අවුරුද්ද රස කරන පොල් කේක් ලේසියෙන් හදා ගන්නේ මෙහෙමයි…

0
3

පොල් කේක් කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන අපූරු කේක් ජාතියක්.රසම රස පොල් කේක් එකක් අවුරුදු කෑම මේසයට හදා ගන්න හැටි තමයි අපි අද ඔයාලට කියන්නේ.

කිලෝ එකහමාරක කේක් එකට අවශ්‍ය දේවල්

බටර් ගෑම් 250
සීනි ග්‍රෑම් 250
පිටි ග්‍රෑම් 250
ගාගත් පොල් අඩු කෝප්ප එකහමාරක් සහ පැණි කෝප්පයකින් සාදා ගත් පැණි පොල්
වැනිලා තේ හැදි දෙකහමාරක්
රට ඉඳි
ප්ලම්ස්
කජු
සුවඳ කුඩු තේ හැදි කාලක්
බිත්තර පහක්
බේකින් පවුඩර් තේ හැදි 2

සාදා ගන්නා ආකාරය

පොල් පැණි සාදා ගන්න
බටර් සහ සීනි මික්ස් කරන්න
එයට බිත්තර එකින් එක දමා ගන්න
බීට් කිරීමෙන් පසු වැනිලා, සුවඳ කුඩු, ඇට ඉවත් කළ රට ඉඳි පොඩියට කපාගෙන, කජු කෑලි වලට කපා දමා ගන්න.
ප්ලම්ස් ද එකතු කරන්න
පැනි පොල් එකතු කරන්න
බේකින් පවුඩර් තේ හැදි දෙකක් පිටි එකට දමා හලා ගන්න
හලපු පිටි මිශ්‍රණයට එකතු කරන්න.
අතින් කලවම් කරන්න

කොල ටිකක් ට්‍රේ එකට දමා උඩින් ඔයිල් පේපර් එකක් දමාගත් තැටියට කේක් මිශ්‍රණය දමා ගන්න
පැයක් පැය එකයි කාලක් අතර වෙලාවක් අංශක 180 උෂ්ණත්වයට බේක් කරන්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here