අලුත් අවුරුද්දේ රනිල්ට ලොකු අපලයක් වගේ! W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය ගැන රනිල්ගෙන් ප්‍රශ්න කරන්න නීතිපති CIDට නියෝග කරලා! I Sri Lanka Latest News

0
16


ඩබ්. ෆිෆ්ටීන් හෝටලට වෙඩි තැබීමේ සිදු වීමෙන් මිය ගිය, කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් චමින්ද කුමාර යන අයට, ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ විසි පහක වන්දියක් ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News

කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ අට දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්, වැලිගම පිහිටි ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වන්නේ 2023 වසරේ දෙසැම්බර් මාසයේ 31 වන දා ය.

අදාල වෙඩි තැබීම සිදුවන්නේ හිමිදිරි පාන්දර දෙකට පමණ ය.

එම අවස්ථාවේ දී ම යුක්තිය මෙහෙයුමට සම්බන්ධව සිටින වැලිගම පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් මෙම සිදුවීම නිරීක්ෂණය කරන අතර, ඔවුන්, හෝටලය දෙසට වෙඩි තබන එම “සුදු වෑන් රථයට” එය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් පැමිණි වෑන් රථයක් බව හදුනා නොගෙන වෙඩි තබයි.

වැලිගම පොලිසිය විසින් එල්ල කරන වෙඩි ප්‍රහාර මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශයේ “අට දෙනාගේ කල්ලිය” පලා යන අතර, පොලිස් සැරයන් චමින්ද කුමාර මිය යන්නේ එහිදී ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here