අලුත් අවුරුද්දෙම වොල්ගාට ලොකු ඇක්සිඩන්ට් එකක්! Sri Lanka Latest News

0
9


බක්මහේ අසිරිය විඳිමින් ඉන්න අතරේ අපේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනීට හදිසි අනතුරක් සිදුවෙලා. ඉතින් ඇයගේ සුවදුක් විමසා බලන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri Lanka Latest News

සුබ අලුත් අවුරුද්දක් වේවා වොල්ගා…
එසේම වේවා. ඒ වගේම ලෝකවාසී සියලු ජනතාවට සතුට පිරුණු වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අලුත් අවුරුද්දෙම අනතුරක් වුණා කියලා ආරංචියි?
ඔව්. පොඩි අනතුරක් වුණා. දැන් ඉතින් සුවයි.
ඇත්තටම මොකද වුණේ වොල්ගා?
පසුගියදා අලුත් අවුරුදු වැඩසටහනකට මම සම්බන්ධ වුණා. මගේ ඉන්ජෙක්සන් කටු දෙකක් තිබුණා. දන්නෙම නෑ ඒක අතටම ඇනිලා ලේ එනකොට තමයි දැක්කේ. ඔපරේෂන් කරන්න වෙයි කියලා ඩොක්ටර් කිව්වා. ඒත් අතේ කැලලක් තියෙයි කියලා දවස ගානේ බෙහෙත් දානවා මේ දවස්වල.
මේපාර ඔබ අලුත් අවුරුදු රූපවාහිනී වැඩසටහන්වල දකින්න ලැබුණේ නෑ නේද?
ඔව්. මම හිතුවා මේපාර පවුලේ අයත් එක්ක ගෙදරට වෙලා අවුරුදු චාරිත්‍ර කරන්න. ඒ නිසා මම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි ඉතින් කලින් පටිගත කරපු අවුරුදු වැඩසටහන් සඳහා මම සම්බන්ධ වුණා.
අලුත් අවුරුද්දේ පුංචි බලාපොරොත්තුවක් එහෙම ඇති නේද?
ඔව්. ඒක මට විතරක් නෙවෙයි ලෝකවාසී සියලු ජනතාව වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ වටපිටාවක්. මොකද දැන් එන්න එන්නම සමාජය පිරිහෙනවා. දැන් සමාජයේ පව් කරන්න බය නැති වටපිටාවක් උදාවෙලා. සුන්දර සමාජයක්, එකිනෙකාට ආදරය කරන වටපිටාවක් උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මේ දවස්වල නිර්මාණවල වැඩිපුර දකින්න නැත්තේ ඇයි?

ගොඩක්ම මම කාලෙකින් මෙගා ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වුණේ නැහැ. අවසානයට රඟපෑවේ ෆ්ලැට් නොවන ෆ්ලැට් ටෙලි නාට්‍යයේ. නිර්මාණවලින් ආරාධනා ලැබෙනවා. ඒත් ඉතින් මම තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ.
අලුත් පිම්මක් පනින්න යන බව ආරංචියි?
හොඳ වැඩක්. ඒක කළාට පස්සේ අපි හෙමිහිට ඒ ගැන කතාකරමු නේද?
සාමාන්‍ය ජීවිතයේදී වොල්ගා කොයි වගේද?
දකින විදියම තමයි ඉතින්. කිසිම වෙනසක් නෑ.
එදා තිබුණු ජනප්‍රියතාව අදටත් ඒ විදියටම වොල්ගා රැකගෙන තියෙනවා. ඒකට හේතුව අපි නොදන්න රහසක්ද?
අනේ නැහැ. මම මේ වෘත්තියට පුදුම ගෞරවයක් ආදරයක් තියෙන්නේ. කරන වැඩේ හරියටම කරනවා. එතකොට ඉතින් සියලු දෙනාගේ ආශීර්වාදය ලැබෙනවා. කරන වැඩත් හරියට කරගෙන යන්න පුළුවන් එතකොට.

වසන්ත විතාරණගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here