අලුත් අවුරුද්දට පොළොස් අච්චාරු

0
12


අලුත් අවුරුදු කෑම මේසයට අච්චාරු වර්ග කොච්චර තිබුණත් මදි.ඒ නිසා රසම රස පොළොස් අච්චාරුවක් හදා ගන්න හැටි කියලා දෙන්න අපි හිතුවා

අවශ්‍ය දේවල් 

  • ළපටි පොළොස් ගෙඩි 2ක්.
  • අමු මිරිස් 50g
  • ඉඟුරු 25 g
  • සුදු ළූණු 25 g
  • රතු ළූණු100 g
  • අබ 25 g
  • වියළි මිරිස් කරල් 10 – 15ක් පමණ
  • විනාකිරි කෝප්ප 1/2
  • කහ කුඩු තේ හැදි 1/2
  • ගොරකා කැබලි 4ක්
  • සීනි තේ හැදි 2ක්
  • දෙහි යුෂ
  • ලුණු

සාදා ගන්නේ මෙහෙමයි..

  1. පොලොස්වල පොත්ත ඉවත් කර කැබලි වලට කපා ගන්න. ඉන් පසු එයට ගොරකා සහ ලුණු එකතු කර මෙලෙක් වනතුරු තම්බන්න.
  2. වියළි මිරිස් සහ අබ විනාකිරෙන් තලපයක් ලෙස අඹරා ගන්න.
  3. තැම්බූ පොලොස් වලට දෙහි ගෙඩියක යුෂ එක්කර ගලේ තබා යන්තමට අඹරා ගන්න.
  4. පොළොස් බඳුනකට දමා මිරිස් කුඩු සහ අඹරාගත් අබ තලපය එයට එකතු කරන්න.
  5. පසු අමු මිරිස්, ඉඟුරු, සුදු ළූණු, සහ ලුණු ද දමන්න. මෙයට ඉතිරි විනාකිරි, ලූනූ, සහ සීනි එක්කර විනාඩි 5ක් පමණ ලිප තබා උයා ගන්න.
  6. ලිපෙන් බා හොඳින් නිමා ගෙන බෝතලයක දමා කල් තබා ගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here