අලුත් අවුරුද්දට පැණි වෑහෙන පැණි වළලු

0
12


පැණි වළල්ලක රසයට පුංචි අය බොහොම මනාපයි. ලොකු පොඩි හැම කෙනාටම අවුරුද්දට නැතුවම බැරි පැණි වළලු හදන්නේ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය-

1. උඳු ඇට 250g
2. සුදු හාල් පිටි 100g
3. සීනි ( පැණි මිශ්‍රණයට)හෝ කිතුල් පැණි
4. ලුණු ස්වල්පයක්
5. පොල්කිරි
6. සීනි හැඳි 2ක්

සාදාගන්නා ආකාරය

උඳු ඇට පැය හයක් පමණ පෙඟෙන්නට තබා පොල් කිරි ටික ටික දමමින් කෑලි නොසිටින ලෙස කොටාගන්න.

ඉන්පසු හාල් පිටි හා උඳු මිශ්‍රණය එකට එකතු කර ලුණු, සීනි හා තවත් පොල්කිරි ස්වල්පයක් දමා ඝණ හෝ දියාරු නැති මිශ්‍රණයක් සාදාගන්න

එය පැය තුනක් හෝ හතරක් පිපෙන්නට තබන්න.

මිශ්‍රණය පිපුණු පසු පයිපින් බෑග් එකකට එම මිශ්‍රණය පුරවා රත් වූ තෙලට රවුමට වත්කරගන්න.

තෙල් වැඩිය රත් වෙන්නට දෙන්න එපා.තෙල් රත් වූ විට හැඩේ ගන්නට කලින් පිපී එන නිසා. සෑම විටම ගින්දර අඩුවෙන් තබන්න.

වළල්ල රන්වන් පාට වූ විට පැණි මිශ්‍රණයට දමා ගන්න.

ඒ පැණි මිශ්‍රණය මුට්ටියකට දමා අඩු ගින්දරේ තබන්න අමතක කරන්නත් එපා.

පැණි වළලු හදන එක ඔබ හිතුවටත් වඩා ලේසි වැඩක් නේද..

ඉතින් එහෙනම් අලුත් අවුරුදු කැවිලි මේසයට පැණිවළලු එකතු කරන්නත් ඔබේ අලුත් අවුරුදු කෑම මේසයේ රසවත් සිදුවීම් අපේ smartlady ෆේස්බුක් ගෲප් එක එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here