අලුත් අවුරුද්දට ගමේ යන ජනතාවට විශේෂ බස් රථ සේවාවක්

0
21


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගීන් සඳහා ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කර තිබෙනවා .

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ මඟ පෙන්වීම පරිදි ලබන 09 වනදා සිට 21 වන දින දක්වා මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැළැස්ම සකස් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ අනුව අවුරුදු කාලසීමාව තුළ මහනුවර, පුත්තලම, හයිලෙවල්/ලෝලෙවල්, දඹුල්ල හා ගාල්ල යන ප්‍රධාන කොරිඩෝ 05 කේන්ද්‍ර කර ගනිමින් ගමනාගමන මණ්ඩලය සහ ගමනාගමන කොමිෂන් සභාව මගින් දුරගමන් බස් රථ සේවා ක්‍රියාත්මක කරනු ලබනවා .

ස්ථීර කාලසටහන්වල ධාවනය වන බස් රථවලට අමතරව අතිරේක ගමන්වාර 500ක් ධාවනය කිරීමට සැළැසුම් කර තිබෙන බවයි සඳහන් වන්නේ .

එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ද කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්තවලට සාමාන්‍ය ගමන්වාරවලට අතිරේකව විශේෂ දුම්රිය සේවා යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා .

මාකුඹුර, කඩවත, කඩුවෙල හා බැස්ටියන් මාවත කේන්ද්‍රකර ගනිමින් අධිවේගී මාර්ගය හරහා ගාල්ල, මාතර, බදුල්ල, තංගල්ල, කතරගම යන ප්‍රදේශ සඳහා මගී සේවා සැපයීමට අතිරේක බස් රථ 350ක් යෙදවීමට ද කටයුතු සැළසුම් කර තිබෙන බව සඳහන් .

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා යාමට කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත බස් නැවතුම්පොළවලට මගීන් ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් පැමි‍ණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා .

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here