අලුත්ම දේශප්‍රේමියා?

0
10


නීතිඥවරයෙකු ලෙස වේශ නිරූපණය වී සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල රාජපක්ෂලාට පයින් ගසා අලුත්ම යුද්ධය දිනා දුන් දේශප්‍රේමියා ලෙස පිල්ලෙයාන්ව නම් කර තිබේ.

රඳවා ගැනීමේ නියෝග මත පොලිස් අත්තඩංගුවේ සිටින පිල්ලෙයාන්ව නීතිඥවරයෙකු ලෙසින් හමුවීමෙන් පසුව ගම්මන්පිල ඔහුගේ ජීවිතයේ වැදගත් කඩයිමක් පසුකර තිබේ. එය විශේෂ වන්නේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් පසුව, සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටින පළමු අවස්ථාව බැවිනි. ඊට අමතරව, අධිකරණය ඉදිරියේ පැවසිය යුතු සේවා දායකයා සම්බන්ධ කරුණු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරමින් දේශපාලකයෙකුගේ භූමිකාව ද රඟ දක්වමින් සිටී.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ රඳවා ගැනීමේ නියෝග පිල්ලෙයාන් වෙත බල පවත්වන තාක් කල් උදය ප්‍රභාත් ගම්මන්පිල ඔහුගේ නීතිඥයා ලෙස පෙනී සිටින බවත්, සත්‍ය වශයෙන් ම අධිකරණය ඉදිරියේ අදාළ නඩු විභාග වන අවස්ථාවේ දී වෙනත් නීතිඥයෙකු තෝරා ගනු ඇති බවත් ය. මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි උදය ගම්මන්පිල පිල්ලෙයාන් සම්බන්ධයෙන් දේශප්‍රේමී ලේබලය ඇලවීමට තරම් දුරක් යාමට සිදු වී තිබෙන්නේ, පසුගිය කාලයේ දේශපාලනයේ සමහර සිදුවීම් සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමේ දී පිල්ලෙයාන් වෙතින් සත්‍ය පැවසීමක් සිදුවීම වඩා හානිකර ලෙස ගම්මන්පිල පාර්ශවයට බලපානු ඇති බැවින් විය හැකි බව දේශපාලන විචාරකයන් වැඩි දුරටත් සඳහන් කරති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here