අල්ලස් හා දූෂණ නව විශේෂ මහාධි­ක­ර­ණ­ය අනිද්දා සිට වැඩ!

0
7

අල්ලස් හා දූෂණ නඩු විභාග කිරී­මට නව විශේෂ මහාධි­ක­ර­ණ­යක් අනිද්දා (16) සිට ක්‍රියා­ත්මක කිරී­මට ආණ්ඩුව සැල­සුම් කර තිබේ.

එම අධි­ක­ර­ණය ආරම්භ කිරී­මෙන් ගොඩ­ගැසී ඇති නඩු 8,000ක් පමණ කඩි­න­මින් අව­සන් කිරී­මට නියමිතය. 

මේ අතර දූෂණ විරෝධී ක්‍රියා­කාරී සැලැස්මේ (2025-2029) අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශ­යට පැවරී ඇති කාර්ය­භා­ර­යන් ක්‍රියා­ත්මක කර­මින් නඩු කට­යුතු කඩි­නම් කිරීම සඳහා හිටපු ඇමැ­ති­ව­රුන් විසින් පරි­හ­ර­ණය කරන ලද නිල නිවාස 04ක් අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා අමා­ත්‍යාං­ශ­යට තාව­කා­ලික පද­න­මින් ලබා දී ඇති බවද පැවසේ.

මේ වන විට පාස්කු ප්‍රහා­රය සම්බන්ධ නඩු කට­යුතු විභාග කිරීමේ විශේෂ මහා­ධි­ක­ර­ණ­යක් ද ස්ථාපිත කර තිබේ. මේ අතර අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව කරන ලද කැඳ­වී­ම­කට අනුව හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ 13දා එම කොමි­සම හමුවේ පෙනී­සි­ටිය යුතු වුවද, ඔහු ඒ සඳහා වෙනත් දින­යක් ඉල්ලා තිබිණි. 

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කරන සමයේදී කොළඹ රජයේ නිවාස ගණ­නා­වක් නීත්‍ය­නු­කූල නොවන ලෙස විවිධ පුද්ග­ල­යන්ට ලබා­දී­මට නිර්දේශ කර­මින් ලිපි නිකුත් කිරීම පිළි­බ­ඳව අදාළ විම­ර්ශ­නය පැවැත්වේ. 

දේශ­පා­ලන සහ මානව හිමි­කම් ක්‍රියා­කා­රීන් වන ලලිත් කුමාර් වීර­රාජ් සහ කුගන් මුරු­ගා­න­න්දන් අතු­රු­දන් කිරීම පිළි­බඳ නඩුවේ සාක්ෂි ලබා­දීම සඳහා අවස්ථා ගණ­නා­ව­කදී ගෝඨා­භය රාජ­පක්ෂ කැඳ­වනු ලැබු­වද, ඔහු එම සියලු අවස්ථා මඟ­හැර ඇත. 

2019 වසරේ මුල් වරට ඔහු අධි­ක­ර­ණ­යට කැඳවූ විට හේතුව ලෙස ඉදි­රි­පත් කර තිබුණේ ප්‍රති­කාර ලබා­ගැ­නීම සඳහා විදෙ­ස්ගත වීමය. 

ඉන්පසු ආර­ක්ෂක හේතු මත යාප­නය අධි­ක­ර­ණ­යට පැමි­ණිය නොහැකි බව පවසා තිබිණි. 

පසුව ජනා­ධි­පති මුක්තිය හේතු­වක් ලෙස දක්ව­මින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොවූ අතර, පසුව මාර්ග­ගත ක්‍රම­යට සාක්ෂි ලබා­දීම සඳහා දිවු­රුම් ප්‍රකා­ශ­යක් මඟින් අව­සර ඉල්ලා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here