ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබදව ප්‍රශ්න කිරීම සදහා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසම හමුවට කැදවා තිබුණි.Sri Lanka Latest News
හිටපු ජනාධිපතිවරයා, චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් ඔහු කළ එම ප්‍රකාශය සිදුකර තිබුනේ අප්‍රේල් මාසයේ 10 වන දා සවස 6 ට පමණය.
හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය සිදු කර පැය 18 ක් ඇත-ළත, අල්ලස් කොමිසම, එකී ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා හිටපු ජනාධිපතිවරයා කැදවීමට තීරණය කර තිබෙන බව දැනුම් දෙන ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබුණි.
අල්ලස් කොමිසම විසින් එවා තිබුණු එම දැනුම් දීමේ ලිපිය ලැබුණු සැනින්, හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය ඊට පිළිතුරු ලිපියක් අල්ලස් කොමිසමට නිකුත් කළේ ය.
එම ලිපියේ සදහන් කර තිබුණු පළමු වාක්‍යය වී තිබුණේ, අල්ලස් කොමිසම ක්‍රියාත්මක වී තිබෙන “අතිශය වේගවත් ස්වරූපය ” පුදුම සහගත බවයි.
අල්ලස් කොමිසම රාත්‍රී කාලයේ වසා ඇති බව උපකල්පනය කර තිබෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය, චාමර් සම්පත් සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබදව අවධානය යොමු වී, හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට කැදවන ලිපිය නිකුත් කිරීම සදහා අල්ලස් කොමිසමට ගත වී ඇත්තේ පැය තුනකටත් වඩා අඩු කාලයක් බව පවසයි.
හිටපු ජනාධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන පරිසරයක, සිරස නාලිකාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගෙන් “කොමිසම ක්‍රියාත්මක වන අතිශය වේගවත්” ස්වරූපය පිළිබදව ප්‍රශ්න කර සිටියේ ය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසා සිටියේ, කොමිෂම රාත්‍රී කාලයේදීත් ක්‍රියාත්මක බවයි.
එමෙන්ම, කොමිෂම ක්‍රියාත්මක වන වේගවත් භාවය යමෙකු ප්‍රශ්න කරයි නම්, එය වෙනම සිතා බැලිය යුතු කාරණයක් බවද ඔහු පවසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සීයට සීයක් ස්වාධීන ආයතනයක් බව පවසන රංග දිසානායක මහතා නීතියට අනුව පිහිටවා ඇති එම කොමිෂන් සභාව හෑල්ලුවට ගැනීටම කිසිවකුට ඉඩ දිය නොහැකි බවද පවසයි.
Saru FM Media