අල්ලස් කොමිසමේ කොන්ද කෙළින් කර ගනී! Sri Lanka Latest News

0
8


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙතෙක් ගොඩගැසී ඇති ඇතැම් දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන්ට එරෙහිව වාර්තා වී ඇති දූෂණ චෝදනාවලට අදාළ පරීක්ෂණ ගොනු 300ක පමණ ප්‍රමාණයක් ඉක්මනින් අවසන් කිරීම කෙරෙහි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අවධානය යොමුව ඇති බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවැසීය. Sri Lanka Latest News

අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයක්ද පිහිටුවා ඇති බවත්, ඒ අනුව මහාපරිමාණ දූෂණයන්ට අදාළ සැකකරුවන් ඔවුන්ට විරුද්ධව ඇති මූලික විමර්ශනවලින් පසුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හැකි ඉක්මනින් නඩු පැවරීමට පියවර ගතහැකි බවයි ඔහු සඳහන් කළේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පත්කොට ඇති විශේෂ විමර්ශන කමිටුවට එම කොමිසමේ නීතිඥවරුන් පිරිසක්ද අනුයුක්ත කොට ඇත.
පසුගිය කාලසීමාව තුළ අල්ලස් කොමිසමේ ගොඩගැසී ඇති පරීක්ෂණ ගොනු සංඛ්‍යාව 4000කි.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here