ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ඇතුළු හිටපු සේවකයන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු නියෝජ්‍ය කොමසාරිස්රියට අමතරව, හිටපු සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ තවත් හිටපු සේවකයන් දෙදෙනෙකු ඇතුළත්ව සිටිති.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැකකරුවන් සිව්දෙනා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
1
Saru News
















