අර්ශස් ගැන කතා කරන්න ලැජ්ජද?
අද smart lady අපි කතා කරන්න සූදානම් වෙන්නෙ සමාජයෙන් ⅓ ක පිරිසකට ඇති යැයි විශ්වාස කරන ඒ වුනත් වැඩි කතාබහට ලක් නොවෙන පීඩාකාරී සෞඛ්‍ය ගැටළුවක් වන අර්ශස් සම්බන්ධවයි.
ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවෙන සෞඛ්‍ය ගැටළු වලට ඔබ දක්වන අවදානය හා සමාන අවදානයක් යොමුකල යුතු සහ නිසි ප්‍රතිකාර සහ සැළකිලි දැක්විය යුතුම අර්ශස් කියන්නෙ මොන වගේ තත්වයක්ද කියල අපි මුලින්ම බලමු.
අර්ශස් කියන්නෙ මොකක්ද?
අර්ශස් එහෙමත් නැත්නම් hemorrhoids කියන්නෙ, ඔබේ ගුද මාර්ගයේ පහළ කොටසේ මළපහ පිටකිරීම සඳහා හැඩගැසී ඇති ඉලිප්පුණු ප්‍රදේශ, ඉදිමුණු තත්වයට පත්වීමෙන් ඇතිවෙන සෞඛ්‍ය ගැටළුවකට කියල සරලවම හඳුන්වන්න පුළුවන්.
ගුද මාර්ගයේ මේ ප්‍රදේශ වල ඇති මේ රුධිර නාලිකා ඇඳීමට ලක්වෙලා ඉතාම තුනී තත්වයට පත්වෙන්න පුළුවන් වගේම ඒවා ඉදීමී, දැවිල්ලක් ඇතිවීම වගේ තත්වයන් වලට පත්වෙන්නත් පුළුවන්.
අර්ශස් කියන්නෙ භයානක රෝගී තත්වයක් නොවුනත් අර්ශස් කියන්නෙ ඉතාම පීඩාකාරී සෞඛ්‍ය ගැටළුවක් කියල දැනටමත් අර්ශස් රෝගයෙන් පෙළෙන ඔබ දන්නව ඇති.
අර්ශස් ගුද මාර්ගයෙන් පිටත වගේම ගුද මාර්ගය තුළත් ඇතිවෙන්න පුළුවන්. ගුද මාර්ගය ඇතුළත ඇතිවෙන අර්ශස් තත්වය අභ්‍යන්තර අර්ශස් / internal hemorrhoids සහ ගුද මාර්ගයෙන් පිටත ඇතිවෙන අර්ශස් තත්වය බාහිර අර්ශස් / external hemorrhoids කියල හැඳින්වෙනවා.
ඒ වගේම අභ්‍යන්තර අර්ශස් වර්ග 04 කුත් හඳුනාගන්න පුළුවන්.
පළවෙනි වර්ගයේ එහෙමත් නැත්නම් grade 1 අර්ශස් ගුද මාර්ගයෙන් පිටතට පැමිණීම සිදුවෙන්නෙ නෑ.
දෙවෙනි වර්ගයේ එහෙමත් නැත්නම් grade 2 අර්ශස් ඔබ මලපහ පිටකිරීම සඳහා තටමන විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙනව වගේම ඉබේම නැවත ඇතුලට යාමත් සිදුවෙනවා.
තුන්වෙනි මට්ටමේ එහෙමත් නැත්නම් grade 3 අර්ශස් ඔබ මලපහ පිටකිරීම සඳහා තටමන විට ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙන නමුත් ඉබේම ඇතුලට යාම සිදුවෙන්නෙ නෑ. ඔබ ඒවා අතින් ඇතුලට යැවිය යුතුයි.
ඒ වගේම හතරවන මට්ටමේ එහෙමත් නැත්නම් grade 4 අර්ශස් දිගටම ගුද මාර්ගයෙන් පිටතම පවතින අතර එවා ගුද මාර්ගයෙන් ඇතුලට යාම සිදුවෙන්නෙත් නෑ.
ඊළඟට අපි බලමු අර්ශස් හඳුනාගන්න අපිට උපකාරි වෙන රෝග ලක්ෂණ මොනවද කියල?
රෝග ලක්ෂණ
අභ්‍යන්තර අර්ශස් බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන්න පුළුවන් වගේම ඔබේ මලපහ වල සහ මලපහ කල පසු වැසිකිලියේ රුධිරය දකින්න ලැබෙන්නත් පුළුවන්.
මීට අමතරව,
මලපහ කරන විට ඇතිවෙන වේදනාව (සාමාන්‍ය අවස්ථාවේදීත් / වාඩිවී සිටින විට වේදනාව ඇතිවෙන්න පුළුවන්)
රෝස පැහැයෙන් පෙනෙන මෘදු සහ තෙත් ගැටිති
ලේ ගැලීම
කැසීම
ඉදිමීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
දැන් අපි අවදානය යොමු කරන්න සූදානම් වෙන්නෙ අර්ශස් ඇතිවෙන්න හේතු මොනවද කියලයි.
හේතු
මළ බද්ධය
මේ තත්වය ඇතිවෙන්න ඔබ අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම, පලතුරු සහ තන්තු අඩංගු ආහාර අඩුවෙන් ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම වගේ හේතු බලපාන්න පුළුවන්.
මළ බද්ධය නිසා ඝනවූ මලපහ පිටකිරීමේදී ලේ කැටියක් ඇතිවෙන්න පුළුවන්.
මළපහ කරන විට තැටමීම
ශාරීරය වෙහෙසවා කරන වැඩ කටයුතු (බර එසවීම වැනි) වලදී වෙහෙසට පත්වීම.
තරබාරුව
Saru FM Media