අර්බුදයට මුහුණදෙන හැටි කියන්න ජන­පති හෙට මැතිසබයට

0
2

මැද­පෙ­ර­දිග කලා­පයේ ඇතිවී තිබෙන යුද­මය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා­වට සිදුවන බල­පෑම සහ ඒ වෙනු­වෙන් ක්‍රියා­ත්මක සැල­සුම් පිළි­බ­ඳව දැනු­වත් කිරීම සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හෙට (20) පාර්ලි­මේ­න්තුව ඇම­තී­මට නිය­මි­තව තිබේ.

ඉරා­නය ඇතු­ළුව මැද­පෙ­ර­දිග කලා­පයේ යුද උණු­සුම හේතු­වෙන් ශ්‍රී ලංකාවේ ආර්ථි­ක­යට සිදු­ක­රන බල­පෑම සහ සිවිල් ජන­ජී­වි­තය සාමාන්‍ය පරිදි පව­ත්වා­ගෙන යාමට වත්මන් ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියා­මාර්ග සහ ඉදිරි සැල­සුම් සම්බ­න්ධ­යෙන් පාර්ලි­මේ­න්තුව දැනු­වත් කරන බවද රජය පව­සයි.

බාධා­ව­කින් තොරව ඉන්ධන සහ ගෑස් ආන­ය­නය කොට බෙදා­හැ­රීම සඳහා දැන­ට­මත් ගෙන තිබෙන පිය­වර මෙන්ම පව­තින තත්ත්වය හමුවේ ගත­යුතු ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් රජය විසින් පත්කර තිබෙන කමිටු සහ එහි ක්‍රියා­කා­රි­ත්වය සම්බ­න්ධ­යෙන් ද ජනා­ධි­ප­ති­ව­රයා කරුණු දැක්වී­මට නිය­මි­තව තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here