අයිසීසී සාමාජිකත්වය ඇමරිකාවෙන් ගිලිහේ

0
5

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකානු ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ව්‍යවස්ථාව යටතේ අයිසීසී සාමාජිකයෙකු ලෙස ඇමරිකානු ක්‍රිකට් ආයතනය විසින් එහි බැඳීම් නැවත නැවතත් මෙන්ම අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

කෙසේවෙතත් මෙම අත්හිටුවීම පෙබරවාරි මාසයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන විස්සයි- 20 ලෝක කුසලානයට හෝ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජාතික කණ්ඩායමේ සහභාගීත්වයට බලපාන්නේ නැත.

එක්සත් ජනපද ජාතික කණ්ඩායම්වල කළමනාකරණය සහ පරිපාලනය තාවකාලිකව ෂක්‍ක්‍ විසින් අධීක්ෂණය කරනු ලැබේග

ෂක්‍ක්‍ විසින් ලැයිස්තුගත කර ඇති ව්‍යවස්ථාමය උල්ලංඝනයන් අතර ක්‍රියාකාරී පාලන ව්‍යුහයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සහ එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුව සමඟ ජාතික පාලක මණ්ඩලයේ :භඨඊ* තත්ත්වය ලබා ගැනීම සඳහා ප්‍රගතියක් නොමැතිකම ඇතුළත් වේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here